(අංජුල මහික වීරරත්න)
ලෝක දේශපාලන එදිරිවාදිකම් වලට මුහුණ දීම සඳහා සැලසුම් සකස් නොකළොත් පළමු ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපයේ වුවා සේ ආසියා කලාපයත් අස්ථාවර වී අසාර්ථක වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ දී පැවසීය.
"අලි රණ්ඩු වන විට තැලෙන්නේ තණකොළ" යැයි කියමනක් තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.
ගෝලීය එදිරිවාදිකම් 2050 වන විට නව ගෝලීය බල තුලනයක් තීරණය කරන නව සීතල යුද්ධයක් දක්වා තීව්‍ර විය හැකි අතර, අර්බුදය අවම කිරීම සඳහා නායකත්වය දීමට ප්‍රධාන රටවලට ඇති නොහැකියාව වඩාත් පැහැදිලිව ඉස්මතු විය හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"සංවර්ධනය වෙමින් පවතින ආසියාව අඳුරු අනාගතයකට මුහුණ දී සිටිනවා. උද්ධමනය වැඩිවීම, දැඩි මූල්‍ය ප්‍රතිපත්ති, යුරෝපීය නිමැවුමේ පහත වැටීම, අපනයන දුර්වල වීම දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ දුර්වල ආර්ථිකයට හේතු වෙන බවද ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ සැසිය අමතමින් ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම තව උදාහරණයක් තියෙනවා නේද? ඒකත් කියන්නකෝ...!
අපරාදේ රනිල්ට ලැබෙන්න තිබ්බේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් වගේ තනතුරක් , මෙයා හරි ආසයි මහා ලොකු බුද්දීමතා වාගේ පෙනී ඉඳල ලෝකෙට බණ කියන්න , කටින් බතල වැඩ බැරි ටාසන් කියලා අපේ රටේ මිනිස්සු විතරයි නේ දන්නේ.
ඒකනේ බද්දේගම ඉන්නේ නැතිව අලි අත්හැරලා පොහොට්ටුවට එන්න කියන්නේ...!
මේ උදාහරණයට වඩා කුඩාකුඩා සතුන් සහ ඔවුන්ගේ නිවාස (ගුල්) ලක්ෂ ගණනින් විනාශ වෙනවා කිවවා නම් මෙයට වඩා හොඳයි...!
ඕකට අපි නම් කියන්නේ ‘‘අලි කෙළිනවා.. අපි නහිනවා කියලා...‘‘ 48 ඉඳළාම වුණේ ඕකයි...
එහෙම වෙන්නේ කකුලට යට වුණොත්. අලි මැදට ගියාම කොතෙන්ට මැදිවෙයිද කවුද දන්නේ.
ආසියාවේ අස්ථාවරේ ගැන කියවන්නේ ලංකාව සුපිරියටම අස්ථාවර කරලා.