(අංජුල මහික වීරරත්න)
ලෝක දේශපාලන එදිරිවාදිකම් වලට මුහුණ දීම සඳහා සැලසුම් සකස් නොකළොත් පළමු ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපයේ වුවා සේ ආසියා කලාපයත් අස්ථාවර වී අසාර්ථක වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ දී පැවසීය.
"අලි රණ්ඩු වන විට තැලෙන්නේ තණකොළ" යැයි කියමනක් තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.
ගෝලීය එදිරිවාදිකම් 2050 වන විට නව ගෝලීය බල තුලනයක් තීරණය කරන නව සීතල යුද්ධයක් දක්වා තීව්‍ර විය හැකි අතර, අර්බුදය අවම කිරීම සඳහා නායකත්වය දීමට ප්‍රධාන රටවලට ඇති නොහැකියාව වඩාත් පැහැදිලිව ඉස්මතු විය හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"සංවර්ධනය වෙමින් පවතින ආසියාව අඳුරු අනාගතයකට මුහුණ දී සිටිනවා. උද්ධමනය වැඩිවීම, දැඩි මූල්‍ය ප්‍රතිපත්ති, යුරෝපීය නිමැවුමේ පහත වැටීම, අපනයන දුර්වල වීම දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ දුර්වල ආර්ථිකයට හේතු වෙන බවද ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ සැසිය අමතමින් ජනාධිපතිවරයා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
’’අලි රණ්ඩු වන විට තැලෙන්නේ තණකොළ’’
මහසෙන් Friday, 30 September 2022 06:06 PM
ඔය වගේම තව උදාහරණයක් තියෙනවා නේද? ඒකත් කියන්නකෝ...!
ඇතා ලාංඡනයFriday, 30 September 2022 07:10 PM
’’අලි රණ්ඩු වන විට තැලෙන්නේ ටෙලිෆෝන් ලාංඡනයයි’’
akila Friday, 30 September 2022 06:11 PM
අපරාදේ රනිල්ට ලැබෙන්න තිබ්බේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් වගේ තනතුරක් , මෙයා හරි ආසයි මහා ලොකු බුද්දීමතා වාගේ පෙනී ඉඳල ලෝකෙට බණ කියන්න , කටින් බතල වැඩ බැරි ටාසන් කියලා අපේ රටේ මිනිස්සු විතරයි නේ දන්නේ.
69 Sri 2019Friday, 30 September 2022 07:35 PM
මෝඩයින්ට එහෙම පෙණුනාට ස්වභාව ධර්මයා ඔහුට හොඳින්ම සලකනවා අකිල උන්නැහේ. තමුන්නැහැ ඔයතරම් බුද්ධිමත් කෙනෙක් නම් තමුන්ට ඉල්ලීමක් කර මහලේකම් තනතුර ගන්න පුළුවන් කියලා හිතන්නේ නැද්ද?
senaSaturday, 01 October 2022 10:36 AM
හරියටම හරි මෙයාට මොලෝ වැඩක් හරියට කරගන්න බැහැ. නමුත් කයිවාරු ගහනව. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
chandima Friday, 30 September 2022 07:21 PM
ඒකනේ බද්දේගම ඉන්නේ නැතිව අලි අත්හැරලා පොහොට්ටුවට එන්න කියන්නේ...!
සුරංගොඩ Friday, 30 September 2022 07:39 PM
මේ උදාහරණයට වඩා කුඩාකුඩා සතුන් සහ ඔවුන්ගේ නිවාස (ගුල්) ලක්ෂ ගණනින් විනාශ වෙනවා කිවවා නම් මෙයට වඩා හොඳයි...!
Dasa P Friday, 30 September 2022 08:25 PM
ඕකට අපි නම් කියන්නේ ‘‘අලි කෙළිනවා.. අපි නහිනවා කියලා...‘‘ 48 ඉඳළාම වුණේ ඕකයි...
chandima Friday, 30 September 2022 09:21 PM
එහෙම වෙන්නේ කකුලට යට වුණොත්. අලි මැදට ගියාම කොතෙන්ට මැදිවෙයිද කවුද දන්නේ.
Perera Saturday, 01 October 2022 01:01 AM
ආසියාවේ අස්ථාවරේ ගැන කියවන්නේ ලංකාව සුපිරියටම අස්ථාවර කරලා.