(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) සඳහා පත් කෙරෙන සාමාජික මන්ත්‍රීවරුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී ලබන 3 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
විවිධ කඹ ඇදීම් හේතුවෙන් කෝප් සහ කෝපා කමිටු පත් කිරීම මාසයකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රමාදවිය.
මේ අතර කෝප් සහ කෝපා කමිටු වල සභාපති ධූර විපක්ෂයට ලබාදෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළේය.
එම කමිටු දෙකේ සභාපති ධූර විපක්ෂයට ලබා නොදුනහොත් අනෙකුත් කමිටුවලට සහභාගිවීම සඳහා දෙවරක් සිතීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අවසන් කිරීමත් සමඟ කෝප්,කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී ගියේය.
මේ අතර අමාත්‍යාංශයීිය උපදේශක කාරක සභා 12ක් ඇතුළු කාරක සභා තවත් ගණනාවක් පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝප්, කෝපා ගැන කියවනවා. අපිට වතුර කෝප්පයක්වත් බොන්න බැරි ගාණට දැන් වැටිලා.