(ඩයනා උදයංගනී)

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ අද (30) සහ හෙට (1) දිනවල විටින් විට රළු විය හැකි බැවින්  එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලදී අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කරයි.  

එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් සුළං ඇතිවන අතර, මුහුදු රළ ඉහළයාමේ හැකියාවක් ද පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.