
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
නගර සභාවට අයත් වාහනයකින් ගොස් පුද්ගලයෙකුට පහරදීම සම්බන්‍ධයෙන් සැකපිට ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුෂංක මහතා ඇඹිලිපිටිය පොලීසිය මගින් අද (30 ) අත්අඩංගුවට ගනු ලැබී ය.
දිනේෂ් මධුශංක මහතා ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරයි.
ඔහුගේ පහර කෑමට ලක්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකවරයෙක් වූ සියදේරිස් කොඩිතුවක්කු නොහොත් පුංචි අයියා යන අයයි.
ඔහු ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ වාට්ටු අංක හතේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
සැකකාර නගර සභා සභාපතිවරයා සිද්ධිය සම්බන්‍ධයෙන් 30දා ඇඹිලිපිටිය පොලීසියට බාර වු අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
සැකකාර නගර සභා සභාපතිවරයා නගර සභාවේ වාහනයකින් තවත් පිරිසක් ද සමග පසුගිය 28දා රාත්‍රී හතත් අටත් අතර කාලයේදී ඇඹිලිපිටිය පනාමුර පාරේ එකේ කණුව ප්‍රදේශයේ දී තුවාලකරුට පහරදී ඇති බව ද පෙලීසිය සඳහන් කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු අපි ප්‍රසන්න රනවීරටත් මෙ නීතියම වැඩ කරයිද කියල.
වාර්තාව හරියට ජනාධිපතිතුමාගේ නිවස ගිනිතියපු දවසේ රූපවාහිනී නාළිකාවක ප්‍රවෘත්ති කිව්වා වගේ කියලා පේනවා.
ප්‍රසන්න රණවිර ටත් ඇඹිලිපිටිය නගරාධිපතිටත් ප්‍රමෝෂන් ලැබෙන බවනම් කිව හැකියි.
හොරුන් මදාවියන් මිනී මරුවන් පගාකරුවන්ගෙන් පිරුන පක්ෂයක්.
ඔය නගරාදිපතියව මට දෙන්න කනපිට හරෝනව
මේ විදියෙ අයව බලයට පත්කරන මෝඩ ජනතාවක් ඉන්න රටක් බංකොළොත් වෙලා නැවතුනොත් ලොකු දෙයක්.
මේ කාලකණ්ණින්ට මහතා කියා යොදා තිබෙන්නේ ඇයි?