IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ළමා පාර්ලිමේන්තු සංසදයෙන් අලුත් වැඩක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දරුවන්ගේ අභිවෘද්ධිය  වෙනුවෙන් ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරිමට බලාපොරොත්තු වෙන බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රීනි  රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.

විශේෂයෙන් මෙරට දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණය, ආරක්ෂාව, අධ්‍යාපනය, අයිතිවාසිකම්  මෙන්ම දරුවන් සම්බන්ධ ආයතන වල ක්‍රියාත්මක වන වෘත්තීන් වල ගුණාත්මකභාවය පිළිබඳව ද අවධානය යොමු කිරිමට තම සංසදය බලාපො‍රොත්තු වන බවද සභාපතිනිය පැවසුවාය.

දරුවන් සම්බන්ධව සෘජු වගකීමක් ඇති අමාත්‍යාංශ වන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතන සමග ඉදිරියේදී වඩාත් සක්‍රීයව කටයුතු කිරීමටද අපේක්ෂා කරන බවද කවිරත්න මහත්මිය සඳහන් කළාය.

කවිරත්න මහත්මිය මේ බව සඳහන් කළේ ඔක්තොබර් 1 වැනිදාට  යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමිනි.



අදහස් (2)

ළමා පාර්ලිමේන්තු සංසදයෙන් අලුත් වැඩක්

මසුරං කට...! Friday, 30 September 2022 06:52 PM

අනේ මගෙ මසුරං කට...! ගලේවෙල කියන්නේ මෙයාගේ ඡන්ඳ කොට්ඨාශයයි...! ගිහිල්ලා බලන්න ඒ පැත්තේ ලමයි අපා දුක් විඳින හැටි...! අදත් ගලේවෙල පවුලක් ගැන පත්තරයක පලවී තිබුනා,,! කවියෙන්ම ඒ ගමේ ලමයිගෙන් ඇහුවහම රත් වෙලා යන්න කියයි මෙතෙක් කල් කවිරත්න කල සේවය..!!

:       3       4

ravin Friday, 30 September 2022 09:24 PM

නිදහසින් පසු මෙතෙක් කල් හිටපු අය ළමයින් ගැන හරියට හිතුවා නම් අද ඔය එක්කෙන්ක්වත් දේශපාලනනෙැහැ. දේශපාලකයින්ගේ මූලිකම පරමාර්ථය අනාගතයේ දී වැඩිපුර නොසිතන කොටසක් බිහිකර තමන්ගේ පැවැත්ම සහතික කර ගැනීමයි. එතකොට තමා දූදරුවන්ටත් අහිංසකයින් පිටේ නැගලා හොරාකන්න පුවන් වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 607 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site