(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරිමට බලාපොරොත්තු වෙන බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.
විශේෂයෙන් මෙරට දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණය, ආරක්ෂාව, අධ්‍යාපනය, අයිතිවාසිකම් මෙන්ම දරුවන් සම්බන්ධ ආයතන වල ක්‍රියාත්මක වන වෘත්තීන් වල ගුණාත්මකභාවය පිළිබඳව ද අවධානය යොමු කිරිමට තම සංසදය බලාපොරොත්තු වන බවද සභාපතිනිය පැවසුවාය.
දරුවන් සම්බන්ධව සෘජු වගකීමක් ඇති අමාත්‍යාංශ වන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතන සමග ඉදිරියේදී වඩාත් සක්‍රීයව කටයුතු කිරීමටද අපේක්ෂා කරන බවද කවිරත්න මහත්මිය සඳහන් කළාය.
කවිරත්න මහත්මිය මේ බව සඳහන් කළේ ඔක්තොබර් 1 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගෙ මසුරං කට...! ගලේවෙල කියන්නේ මෙයාගේ ඡන්ඳ කොට්ඨාශයයි...! ගිහිල්ලා බලන්න ඒ පැත්තේ ලමයි අපා දුක් විඳින හැටි...! අදත් ගලේවෙල පවුලක් ගැන පත්තරයක පලවී තිබුනා,,! කවියෙන්ම ඒ ගමේ ලමයිගෙන් ඇහුවහම රත් වෙලා යන්න කියයි මෙතෙක් කල් කවිරත්න කල සේවය..!!
නිදහසින් පසු මෙතෙක් කල් හිටපු අය ළමයින් ගැන හරියට හිතුවා නම් අද ඔය එක්කෙන්ක්වත් දේශපාලනනෙැහැ. දේශපාලකයින්ගේ මූලිකම පරමාර්ථය අනාගතයේ දී වැඩිපුර නොසිතන කොටසක් බිහිකර තමන්ගේ පැවැත්ම සහතික කර ගැනීමයි. එතකොට තමා දූදරුවන්ටත් අහිංසකයින් පිටේ නැගලා හොරාකන්න පුවන් වෙන්නේ.