IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජාතික කාලගුණික සැලැස්ම රටේ සංවර්ධනයට යොදා ගන්න සාකච්ඡාවක්

 

(අංජුල මහික වීරරත්න)

ජාතික කාලගුණික සැලැස්ම  මෙරට සංවර්ධනයට දායක කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සහ  දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 

“කාලගුණික අවදානම් සංසදයේ” උපදේශිකාවන් වන සාරා ජේන් අහම්ඩ් (Sara jane ahmed) සහ මිනියෙට් ෆැබ්බිනා (Miniyat fabbiha)  මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාවේ දී ඊට අදාළ දළ සැලැස්ම ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරිණි. 

පරිසර අමාත්‍යාංශය මූලික කරගනිමින්,  වාරිමාර්ග හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර මෙන්ම මේ සඳහා බලපාන සියලුම ක්ෂේත්‍රවල විභවතාවයන් හඳුනා ගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කරන සැලසුම්වලට ජාතික දේශගුණික සැලැස්ම ද දායක කර ගෙන ව්‍යාපෘතී සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.



අදහස් (0)

ජාතික කාලගුණික සැලැස්ම රටේ සංවර්ධනයට යොදා ගන්න සාකච්ඡාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 606 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site