
(තිලකරත්න දිසානායක)
සොරකම් කරන ලද පාපැදි 38 ක් සමග ගම්පහ , ඔරුතොට ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බව කියන කියන මොහු ඒ සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීම පිනිස ගම්පහ සහ යක්කල ප්‍රදේශයන්හිදී මෙම පාපැදි සොරා ගෙන අඩු මිලට අලෙවි කර සහ උකස් කොට තිබියදී සැකකරුගේ පාපොච්ඡාරණයන්ට අනුව සොයාගත් බවත් පොලීසිය පවසයි.
මෙලෙස සොරාගෙන අලෙවි කර තිබූ යතුරු පැදි කිහිපයක මිල රුපියල් ලක්ෂය ,අසූ දහස පමණ වන බවත් මෙම පාපැදි අතුරින් හිමිකරුවන් 21 හදුනා ගෙන ඇති බවද පොලීසිය කියයි.
සැකකරු අත් අඩංගුවට ගත් අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් තිබී ඇත.
ගම්පහ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතු අනුව ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක සමීර ලක්ෂාන් මහතාගේ මෙහෙයවීම යටතේ සැරයන්වරුන්වන රොෂාන් (12839), පේමලාල් (32795),කොස්තාපල්වරුන් සම්පත් (1458), මාලින්ද ( 39627) සහ ජයසිංහ (80951) යන නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කොට ඇත.
සැකකරු සහ නඩු භාණ්ඩ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
2025 දෙසැම්බර් මස 18
311
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාපැදි 38 ක් ඉස්සූ අයෙක් ගම්පහින් අල්ලයි