
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුද හමුදාවට අයත් පිස්තෝලයක් සමග හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙකු ඇහැලියගොඩ මින්නාන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි පුද්ගලයෙකි.
මොහු හමුදාවේ රාජකාරි කරමින් සිටිය දී යුද හමුදාවට අයත් පිස්තෝලයක්ද රැගෙන පලාගොස් සිටි අයෙකු බවට විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත.
ඇහැලියගොඩ පොලිසියට පොලීසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd