(අංජුල මහික වීරරත්න)

 රටේ සියලූම දරුවන් නිසි කැලරි ප්‍රමාණය අඩංගු සමබල ආහාර වේලක් ලබාගන්නා බව සහතික කිරීම, රාජ්‍ය නායකයා වශයෙන් තම යුතුකම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි. 

රටේ දරු පරපුරට පෝෂණයත්, අනාගත දරු පරපුරට දියුණු සංවර්ධිත රටක් නිර්මාණය කර දීමත් මේ මොහොතේ තම මෙහෙවර බවද ජනාධිපතිවරයා පවසයි.

තමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි දිළිදු හා අඩු වරප්‍රසාදිත කණ්ඩායම් රැකබලා ගැනීම කෙරෙහි අවශ්‍ය කටයුතු ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බවද දරුවන්ගේ සුන්දර ළමා කාලය මෙන්ම  රටේ උන්නතිය උදෙසා අසීමිත කැපකිරීම් කළ වැඩිහිටි ප්‍රජාව සෙනෙහසින් රැකබලා ගැනීම  යුතුකමක් බවද ලෝක  ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරයි.