(යොහාන් භාසුර)
මහජන උපයෝගීතා කොමිසම, කිරීම් මිනුම් දෙපාර්තමේන්තුව සහ කාර්මික තාක්ෂණික ආයතනය එක්ව කළ පරීක්ෂණයේදී කොළඹ 7 ඉන්ධන පිරවුම් හල වංචාවක් කර ඇතැයි එල්ල වන චෝදනාව කිසිසේත්ම පිළිනොගන්නා බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසීය.
එම සියලුම ආයතනවල සහභාගීත්වයෙන් කළ පරීක්ෂණයෙන් පසු පිරවුම්හලේ ලොග් සටහන් පොතේ සටහන් කර ඇත්තේ ඉන්ධන නිකුත්කිරිමේදි ප්‍රමාණයේ වෙනස් වන බවත් මෙම දිනවල සැම පිරවුම්හලකම ඉන්ධන වරින්වර සම්පූර්ණයෙන් අවසන් වන බැවින් ඉන්ධන නිකුත්කිරිමේ වෙනස් වන බව සෑම තාක්ෂණික ආයතනයක්ම පිලිගන්නා තත්ත්වයක් බවත් නාඔටුන්න මහතා කීය.
ඛනිජ තෙල් සංස්ථාවේ චක්‍රලේඛන අනුව සැම පිරවුම්හලකම භූගත තටාකවල අවම ඉන්ධන ප්‍රමාණයක් රදවා ගත යුතු වූවත් මේ වන විට පවතින සුවිශේෂ අවස්ථාව අනුව එසේ කල නොහැකි බැවින් පොම්පවල සහ නල මාර්ගවල සිදුවන යම් යම් වෙනස්කම් පිළිබඳව මෙම ආයතනය අවබෝධයෙන් කටයූතූ කළ යුතු බව කී නාඔටුන්න මහතා අදාල නිලධාරීන් නිලධාරීන් පරීක්ෂණය කරන විටද එම පිරවුම්හලේ අදාල පොම්පවල කීරැම් මිනුම් මුද්‍රා හරියාකාරව තිබූ බවද සඳහන් කළේය.
වංචනික ලෙස ඉන්ධන නිකුත්කිරිමක් පිලිබදව චෝදනාවක් බෙදුම්කරු වෙත එල්ල කිරීම තරයේම ප්‍රතික්ෂේප කරන අතර ඉන්ධන හිගය මත යන්ත්‍රවල සිදුවන ඌනතාවයන් සදහා බෙදුම්කරුවන්ට වගකිව නොහැකි බවද නාඔටුන්න මහතා වැඩිදුරටත් කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොළඹ පිරවුම්හලට එල්ල වූ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා
Cisco Saturday, 01 October 2022 09:43 PM
හරි එහෙම නම් ලීටරයක් ඉල්ලුවාම ඊට වැඩියෙන් එන්නත් පුළුවන්නේ. එහෙම වැඩියෙන් එන තැන් තියෙනවාද? යන්ත්‍ර දෝෂ දෙපැත්තටම ඇතිවිය හැකියි. එහෙම නොවෙයි නම් ඒක වංචාවක්ම තමයි...!
Sunil Sunday, 02 October 2022 10:42 AM
උපයෝගිතා කොමිසමේ අය දැන් හැසිරෙන්නේ පිස්සන් වගේනේ. ආන්දෝලනාත්මකව දේවල් මවලා කෙරුමෙක් වෙන්නයි එයා හදන්නේ. මේ ඉන්ධන හලේ වරදක් සිදුවී නැති බවයි මගේ විශ්වාසය...