(මහේෂ් කීර්තිරත්න)

රුපියල් කෝටි ගණනක් වටිනා ගජමුතු හතක් විකිණිම සදහා මාතලේ ප්‍රදේශයට රැගෙන ආ කණ්ඩායම් දෙකක පුද්ගලයන් අටදෙනකු මාතලේ මාදිපොලදි සහ මාතලේ නගරයේදි  මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

යුද හමුදා බුද්ධී අංශයේ මාතලේ නිලධාරින්ට ලැබුණු බුද්ධී තොරතුරක් අනුව සැකකරුවන් මෙසේ අත්අංඩගුවට ගෙන ඇති අතර මාතලේ පල්ලේපොල මාදිපොල ප්‍රදේශයේදි සැකකරුවන් තිදෙනකු සමග ගජමුතු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

මෙම සැකකරුවන්  නිලධාරින් සමග සතියක් තිස්සේ මිල ගණනන් සාකාච්ඡා කරමින් සිට ඇති බවත් විකිණීම සදහා එකඟතාවයට පැමිණ ගජමුතුද රැගෙන ආ අවස්ථාවේදි අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.