
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) සඳහා එම කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා සාමාජික මන්ත්‍රීවරයකු ලෙස නැවත පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) යෝජනා කළේය.
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඊයේ (3) පත්කරනු ලැබුහ. එහෙත් සාමාජික මන්ත්‍රී ලැයිස්තුවට මහාචාර්ය චරිත හේරත් මහතාගේ නම ඇතුළත් නොවීය.
තම පක්ෂය එම කමිටුව සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම මුලින් යෝජනා කර තිබුණු බවත් හර්ෂ ද සිල්වා මහතා එම කමිටුවෙන් ස්වෙච්ඡාවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් ඒ පුරප්පාඩුව සඳහා කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා නැවත පත් කරන ලෙස යෝජනා කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චරිත හො හර්ශ මෙකට ඩම්මොත් හොරකම් ඔක්කොම හෙලි වෙනව , පොහොට්ටුව ඔකට කැමති වෙන්නෙ නැහැ .
සජිත්ගේ ඒ යෝජනාව අපි ඉහළින්ම ස්ථීර කරනවා. චරිත හේරත් මහතා හැලුවේ හොරු බේරගන්න...
බැංකු කොමිෂන් වාර්තාවෙන් කියැවුණු කරුණු අනුව හර්ෂ කෝප් කමිටුවට එන්න තරම් පිරිසිදු නැත..!