(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් ස්ථාපනය කිරීමට යයි.

රටවටා පිහිටි දූපත් සමූහය සංවර්ධන කර රටේ ආර්ථිකයට වඩාත් ඵලදායී  ලෙස යොදා ගැනීමේ අරමුණින් මෙම නව අධිකාරිය ස්ථාපිත කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා දූපත් සංවර්ධන  අධිකාරිය පිහිටුවීම සදහා වන කැබිනට් පත්‍රිකාව නුදුරේදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පවසයි.

රට වටා දූපත් 60 කට අධික ප්‍රමාණයක් පිහිටා ඇති අතර මෙම දූපත් සමූහය සංවර්ධනය කර සංචාරක ආකර්ශනය ඉහළ නංවා ගැනීමෙන්  මෙරට ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස යොදාගත හැකි බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ලොව බොහෝ රටවල පිහිටි දූපත්වල ආර්ථික විභවතාවයන් ඇගයීමට ලක්වුවද ශ්‍රී ලංකාව වටා පිහිටි කුඩා දූපත්වල ආර්ථික විභවතාවයන් මෙතෙක් නිසි ඇගයීමට ලක්ව නැති බවද අමාත්‍යවරයා  සඳහන් කරයි.