IMG-LOGO

මංගල දැන්වීම්වලින් කතුන් රවටා මුදල් ගැරූ අයෙක් අල්ලයි

 

(යොහාන් භාසුර)

පුවත්පත්වල මංගල දැන්වීම් පළකර කාන්තාවන් රවටා රුපියල් කෝටි ගණන් මුදල් වංචා කළ පුද්ගලයකු පානදුර, හිරණ ප්‍රදේශයේදී හෝමාගම විශේෂ අපරාධන විමර්ෂණ ඒකකය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

මෙම සැකකරු ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ආචාර්වරයකු ලෙස පෙනී සිටිමීන් මංගල දැන්වීම්වලට ප්‍රතිචාර දක්වන කාන්තාවන් සමඟ සම්බන්ධකම් ගොඩනගා ගනිමින් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බවත් ඔහුගේ වංචාවට හසුවූ කාන්තාවන් අතර පාසල් ගුරුවරියන් වැඩි සංඛ්‍යාවක් සිටින බවත් එම නිලධාරියා කීය.

ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මෙම පුද්ගලයා ‘රාහුල ජයසිංහ’ නැමැති ව්‍යාජ නමකින් පෙනී සිටිමින් මෙම වංචා කර ඇති බවත් ඔහුගේම දෙම්පියන් සමඟ මනාලියන් බැලීමට නිවෙස්වලට ගොස් ඇති බවත් පොලිසිය කීය.

මුල්ලේරියාව, ගොතටුව, ගම්පහ, මිනුවන්ගොඩ, මොරටුව සහ පානදුර ආදි ප්‍රදේශ රැසක කාන්තාවන් රවටා කෝටි ගණන් මුදල් වංචා කර ඇති බව කියන පොලිසිය ජපානයේ පදිංචි කාන්තාවක් රවටා රුපියල් ලක්‍ෂ 20 ක මුදලක් ද ලබාගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

එම සැකකරු කාන්තාවන් රවටා ලබාගන්නා මුදල්වලින් පානදුර හිරණ ප්‍රදේශයේ කුලී නිවසක සුඛෝපභෝගී ජීවිතයක්ගත කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ බව කී පොලිසිය ඔහු රැවටීමට ලක්කළ කාන්තවන්ගේ හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර යොදාගෙන දුරකථන සම්බන්ධතා රැසක් ලබාගෙන ඇති බව ද පොලිසිය වැඩි දුරටත් කීය.

හෝමාගම විශේෂ අපරාධන විමර්ෂන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් විතාන මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක ජගත් පෙරේරා සහ උප පොලිස් පරීක්‍ෂක සුනිල් කුමාර රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. 



අදහස් (0)

මංගල දැන්වීම්වලින් කතුන් රවටා මුදල් ගැරූ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 639 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 767 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 328 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site