(අංජුල මහික වීරරත්න)
වනසතුන් දරුවන් මෙන් රැකබලා ගැනීමේ වගකීම රජයට මෙන්ම ජනතාවට ද පැවරෙන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
හම්බන්තොට රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ නව කලාප කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.විවෘත කෙරුණු නව කලාප අතර, සුරතල් සතුන්ට ආහාර කැවීමේ කලාපයක්, පක්ෂි උද්‍යානයක්, සංචාරක පක්ෂීන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් සහ ශාක භක්ෂක සතුන් සඳහා වන කලාපයක් ද සත්ව සංරක්ෂණ අභිජනන මධ්‍යස්ථානයක් වෙි.
වන සතුන් වඳ වී යන වේගය සලකා බැලුවහොත්, අනාගතයේදී ඇතැම් වන සතුන් අනාගත පරපුරට දැක ගැනීමට ලැබෙන්නේ සත්වෝද්‍යාන හා මෙවැනි වන සංරක්ෂණ මධ්‍යස්ථානවලින් පමණක් බවද අමාත්‍යවරයා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වන සතුන් දරුවන් මෙන් රැක ගත යුතුයි
leel gunawadena Tuesday, 04 October 2022 04:14 PM
මොන කතාද මේවා .ඒකද දැන් තුවක්කු දෙන්න හදන්නේ
achini Tuesday, 04 October 2022 05:23 PM
මුවෙක්ව යටකරලා මැරුවෙත් මෙතුමා නේද?
sisira Tuesday, 04 October 2022 05:39 PM
වනසතුන් දරුවන් මෙන් රැකබලා ගැනීමේ වගකීම රජයට, සෆාරි සත්වෝද්‍යානයේ හෝ වෙනත් සත්වොද්‍යානවල සතුන් ඇල්ලීම නවත්වන්න...!