(ඩයනා උදයංගනී)
පාසල් සිසුන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන යටතේ තවත් සිසුන් ලක්‍ෂ 10කට පමණ දිවා ආහාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මේ වන විටත් මෙම වැඩසටහන යටතේ වාර්ෂිකව රුපියල් කෝටි 400ක වියදමින් පාසල් 7,926ක සිසු සිසුන් ලක්‍ෂ 10කට අධික සංඛ්‍යාවකට දිවා ආහාරය ලබාදීම සිදුකරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
විදේශීය ප්‍රදානයන් මගින් අවශ්‍ය අරමුදල් සලසා ගනිමින් මෙම වැඩසටහන තවදුරයත් ව්‍යාප්ත කර තවත් සිසුන් ලක්‍ෂ 10කට පමණ සම්පූර්ණ පෝෂ්‍යදායී දිවාආහාර වේලක් ලබාදීම සඳහා යෝග්‍ය පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාසල් සිසුන් තව ලක්ෂ 10කට දිවා ආහාරය
වීරවිජේ Tuesday, 04 October 2022 02:31 PM
හෑ ලක්ස 10 දීලද? කවදද? කාටද? කොහෙදිද.. උන් කියනවා අති.. අපි පාර්ලිමේන්තුවේ කතු වෙමු තව ලක්ස 10 කට ආහාර දෙන්න කියල, එතකොට අපි ඉස්සෙලල් ලක්ස 10 දුන්න කියල හිතයි..
fairoos Tuesday, 04 October 2022 03:06 PM
මේ කෙලින පච වලට මුන්ට හෙන වදින්න ඕනේ
විපරමා Tuesday, 04 October 2022 03:36 PM
ආර්තික ඔස්තාර් ගේ ඔක්කොම කෙරුවාවල් කටින් විතරයි .
Pradeep Kumara Tuesday, 04 October 2022 04:23 PM
තමන්ගේ ආහාර ටික තමන් විසින්ම කොහොම හරි සපයාගෙන නිවහල්ව විසූ රටක මිනිස්සුන්ට පාලකයින් කළ දේක අරුමය...