(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කෝපා කමිටුවෙි සිටි තමා ඇතුළු බුද්ධිමතුන් ටික මෙවර ඉවත්කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ වෙනුවට අද ගෙනත් දාලා තිබෙන අය ගැන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැතැයි ද කථානායකතුමා මීට සාධාරණයක් කර දෙන්නැයි ද දයාසිරි ජයසේකර මහතා කීය.
දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.
සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉන්න තැනම තමයි මගේ නම කෝප් කමිටුවට දැම්මේ. ඒත් අද මගේ නම ඉවත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කෝපා කමිටුවේ පසුගිය කාලයේ හිටියා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය. එතුමියව කපලා තියනවා. මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉවත් කරලා තිබෙනවා. ආචාර්ය රත්නසේකර මහතාවත් ඉවත් කරලා තිබෙනවා. මාව ඉවත් කරලා තිබෙනවා.
අපේ යම් පිරිසක් කෝප්, කෝපා, මුදල් කාරක සභා වලට දාන්න යැයි දයාසිරි ජයසේකර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ බුද්දිමත්කම කොච්චරද කියනවා නම් අද මුළු රටම අරාජිත වෙලා
ජනාධිපති දිවුරුම් දුන්නු අවස්ථාවෙ කිව්වෙ සියලු දෙනාම එකතුවෙලා රට හදමුකෝ කියලා ඇමතිලා පත්නොකර කාලයක් ඒකට බලාගෙන හිටියා බැරිම තැන පොහොට්ටුවෙ ටිකක් ඇමතිලා කර අරගලයට පෙර තිබුන තත්වය ටිකක් සමනය කලා.තමුන් බුද්ධිමතෙක් නම් එවෙලෙ අවශ්‍ය දේ නොකර දැන් මොනවාද කියන්නෙ තමන්ම තමා බුද්ධිමත් කෙනෙක් කියනවා නම් තමන්ටම පුළුවන් නේද මහාචාර්ය කියලා කියාගන්නත්.
තමුන් බුද්ධිමතෙක් නම් දිව දෙකේ මෛත්‍රීපාල පස්සෙන් යන්නේ නෑ
ඔයාලාගේ බුද්ධිමත් කම නිසා තමයි රටට මේ හානිය කරලා තියන්නේ. ඔයාලාට වඩා බුද්ධිමත් නැතත් හෝ ඇතත් අර කළුතර දිස්ත්‍රික්කයේ පාලිත තෙවරප්පෙරුම රටේ නායකත්වයට පත් වුනුත්, යම් තරමට හෝ රට ගොඩ දාන්න පුළුවන් වේවි. එතුමා ප්‍රශ්න ක්‍ෂණික විසඳනවා මිස කයිවාරු නැහැ.
උම්බලත් වග කියන්ඩ ඔන අද රට මෙ තත්වෙට පත්කරපු එකට
මොනතරම් බුද්ධිමතෙක්ද? තමුන්ම කියාගන්නවා තමන් බුද්ධිමත් කියලා. අපි දන්නා තරමින් නම් පිටස්තර අය තමයි කියන්න ඔහු හෝ ඇය බුද්ධිමත් කියලා...
අයියෝ බුද්ධිමත් කියන්නේ කාටද? 225 ටමද?