(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මිනිස්සුන්ට වෙනස් අදහස් දැරීමට තිබෙන අදහස් වලට ගරු කරන්නැයි සමගි ජන බලවෙිගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

කරුණාකර ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන ගමන් මාර්ගයෙන් ඉවත් වී ලෝකය ඉදිරියේ ලංකාව හුදෙකලා කරන්නෙත් නැතිව කටයුතු කරන්නැයි ද එලෙස හුදකලා වුණොත් රටේ ආර්ථිකයට ද බලපෑමක් එල්ල වෙන බවද බාකීර් මාකර් කීය.

ජිනීවා සම්මේලනය පැවැත්වෙන බැවින් රට දිහා ලෝකයේම අවධානය යොමු වී තිබෙන බව කී බාකීර් මාකර් මහතා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ඉදිරියේ රට හුදෙකලා කරන ක්‍රියාමාර්ග වලට යන්න එපා යැයිද කීය.

සරසවි සිසු සිසුවියන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තිබිය යුතු අතර අද වසන්ත මුදලිගේට කරන්න යන්නේ මොකක්දැයි ප්‍රශ්න කළ බාකීර්මාකර් මහතා ඔහු මැදියම් රැයේ නැගිට්ටුවා හිර කඳවුරෙන් පිටතට ගෙන  යන බවද පැවසීය.