(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දූෂණ අක්‍රමිකතා නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අකර්මණ්‍ය වී ඇතැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නිසි නිලධාරී මණ්ඩලයක් පත් නොකිරීම නිසා අරාජිකත්වයක් ගොඩනැගී දූෂණ අක්‍රමිකතා සිදුවීම නිසා පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව ද අනුර දිසානායක මහතා කීය.
පාපන්දු සම්මේලනයට කඩිනමින් නිලවරණයක් පවත්වා සුදුසු නිලධාරී මණ්ඩලයක් පත්කර ගත යුතු බවද දිසානායක මහතා පැවසීය.
නිලවරණයක් පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ එකිනෙකට පරස්පර අති විශේෂ ගැසට් නිවේදන තුනක් නිකුත් කර තිබෙන බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.
එසේම සම්මේලනයේ ඇතැම් නිලධාරීන් විසින් එහි අරමුදල අවභාවිතා කර ඇති බවට සම්මේලනයට අනුබද්ධ පාපන්දු සංගම් විසින් ක්‍රීඩා බලධාරීන්ට පැමිණිලි කර තිබූ බවත් නිලවරණය පැවැත්වීමට පෙර මෙම පැමිණිලි පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කොට අදාළ වාර්තා නිලවරණයට පෙර සාමාජික සංගම්වලට දැනගැනීමට සැලැස්වීම අත්‍යවශ්‍ය බවද දිසානායක මහතා පැවසීය.
ඊට පිළිතුරු දෙමින් ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පැවසුවේ මේ පිළිබඳ අධිකරණයේ නඩුවක් පවතින බවත් එහි නියෝගය ලද පසු පාපන්දු සම්මේලනය පැවැත්වීමට කටයුතු කරන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යයාලවල දූෂණ " නවක 'ලප' වද" අක්‍රමිකතා නිර්මාතෘතුමාට 3% සරණයි..!
ඇයි ක්‍රිකට් පේන්නේ නැද්ද? බෝර්න් අගේන් ක්‍රිස්තියානි නෙමේ නම් තේරීම් කමිටුව ඔවුන්ව තෝරන්නේ නෑ. ඒත් ආගම ඒකනම් කොච්චර බිංදු ගැහුවත් තියාගෙන ඉන්නවා...
වහල්ලුන්ට මේවා කියලා වැඩක් නැහැ...
දූෂණ අක්‍රමිකතා... විනාශකාරී වැඩ කරන්නෙම මේ අපතයින් ටික තමයි.
දැන් තමයි තේරුම් ගන්න පුළුවන්. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයාට දුර දක්නා නුවණක් තිබුණු බව. කොටි යුද්දය කාලේ ප්‍රයෝජනයක් ගත්තේ නැහැනේ...!
පාපන්දු සම්මේලනය ගැන කියවන්නේ මුළු ලංකාවම දුෂණය ,අක්‍රමිකතා වලින් ගිලගෙන තියෙද්දී
අපේ ජාතික සන්නාම සලකුණ හොරා කෑමයි ,දුෂණයයි නේ .ඒක නැතිනම් කිසිම ලාංකික ගතියක් පෙන්නුම් කරන්නේ නැහැනේ .ක්‍රීඩාවට,ක්‍රීඩකයින්ට ,රටට හෝ ජනතාවට මොනවා උනත්