
(සිතුම් චතුරංග)
මුලතිව් ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු නවතා දමන ලෙසත් ඒ සඳහා අනුබල ලබාදෙන මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් ඉවත් කරන ලෙස මුලතිව් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමයේ විරෝධතාවයට විරෝධය දක්වමින් පැමිණි තවත් ධීවරයින් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
ඩයිනමයිට් ඇතුළු තහනම් ධීවර දැල් යොදාගනිමින් මුලතිව් මුහුදේ සිදුකෙරන ධීවර කටයුතු නවතා දමන ලෙසත් එම ධීවර කටයුතු සඳහා සහයෝගය ලබාදෙන මුලතිව් ධීවර හා ජලජ සම්පත් කාර්යාලයේ හා ධීවර පරීක්ෂක කාර්යාලයේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් ඉවත්කරන ලෙස බලකරමින් දින තුනක කාලයක් මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමය හා ඔවුන්ගේ පවුල් ධීවර හා ජලජ සම්පත් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ අතර එම ධීවර විරෝධතාවයට විරෝධය පලකරමින් පැමිණි තවත් ධීවර පිරිසක් හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් උද්ගත විය.
තමන්ට සුරුක්කුදැල් හා ලයිට් කෝස් යන ධීවර ක්‍රම භාවිතා කරමින් මසුන් ඇල්ලීමට ඉඩලබාදෙන ලෙසත් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ නොකරන ලෙසත් පවසමින් සෙබස්තියන්පිල්ලේ ගුණසීලන් මහතා නායකත්වය දරණ ධීවර සංගම් කිහිපයක් මුලතිව් නගරයේ සිට විරෝධතාවයට විරෝධය දක්වමින් පැමිණි අතර ඔවුන් ධීවර හා ජලජ සම්පත් කාර්යාලය ඉදිරිපිටට ගමන් කිරීමට උත්සහකරනු ලැබීය.
එහිදී පොලිසිය විසින් දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් මතුවීමට පෙර කඳුළුගෑස් ප්‍රහාර එල්ලකොට එම ධීවරයින් විසුරුවා හැරීමට කටුයුතු කළ අතර එහිදී ධීවරයින් දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් උද්ගතවිය.




2025 නොවැම්බර් මස 04
399
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2176
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විරෝධයට විරොධයක් පොලිසියෙන් කඳුළු ගෑස්