
(ඩයනා උදයංගනී)
පසුගිය කාලයේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වීමෙන් ඊට අදාල සමාගම්වල මෙරට ඒජන්තයන් හා ඔවුන් සමඟ කටයුතු කරන දේශපාලනඥයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට (රුපියල් කෝටි 3600) කට වැඩි මුදලක් උපයාගෙන ඇති බවට තොරතුරු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
වත්මන් බලශක්ති අමාත්‍යවරයා පත්වීමෙන් පසු ඉන්ධන ගෙන්වීම සඳහා අලුතින් සමාගමක් ලියාපදිංචි කර ඒ හරහා ටෙන්ඩර් පටිපාටි පවා උල්ලංඝනය කරමින් ඉන්ධන ගෙන්වීම සිදුවන බව ද ජයසේකර මහතා සඳහන් කළේය.
මහලේකම්වරයා මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනතාව ඩොලර් සහ ඉන්ධන නොමැතිකමින් පීඩා විඳිද්දී ඉන්ධන අඩු මිලට ගත හැකි සමාගම් වෙනුවට වැඩි මිලට ප්‍රමිතියෙන් අඩු බොර තෙල් මිලදීගැනීම හේතුවෙන් මේ වන විටත් අර්බුදයක් ඇතිවී ඇතැයි කී දයාසිරි ජයසේකර මහතා ඉදිරියේදී එක්ස්පෝ නම් කාබන් ප්‍රතිශතය වැඩි දැවි තෙල් වර්ගයක් ගෙන්වීමට යන බවත්, එහි ඇති කාබන් නිසා පිරිපහදුවේ උත්ප්‍රේරක කුටි සම්පූර්ණයෙන් විනාශවීමේ අවදානමක් ඇති බවත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය බොරු කරන්නේ... කොච්චර වැස්සත් ලයිට් කපනවා. මේ අයගේ පුද්ගලික බලාගාර දුවන්න ඕනෙ නිසා ජලාශවල වතුර අරිනවා. 225ටම හෙණ ගහන්න ඕනේ...
හොරුන්ට කඩේ යන අයගේ දැනගැනීම සඳහා...!
නයා විසකුරු බව දැන දැනම දැන් රෙද්ද අස්සේ දාගෙන දැන් කෑවෝ කෑවෝ ගානවා.මේ අය ඔක්කොම මෙවටා වග කියන්න ඕන .දැන් සුදනෝ වෙන්න හැදුවට