IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සැමියාට කඩුවෙන් කොටා බිරියගේ රන්මාලය-ලක්ෂ 2 ක් කොල්ලකාලා

(ඉන්දිකා රාමනායක සහ  යොහාන් භාසුර)

කඩුවක් අතැතිව දුම්රියකට ගොඩවූ කොල්ලකරුවන් දෙදෙනෙකු  දුමිරියේ ගමන්ගත් යුවළක් බිය ගන්නා  සැමියාගේ සුළැගිල්ල වෙන් වනතෙක් කඩුවෙන් කොට  බිරිඳ සතු  රන්මාලය, හා රුපියල් ලක්ෂ 2 ක මුදලක් සහිත පසුම්භිය කොල්ලා කා  ඇතැයි පොලිසිය පවසයි.

මෙම දුමිරිය  අද  (6)  අලුයම 4.30  ට පමණ කොළඹ කොටුවේ සිට වාද්දුව බලා  ධාවනය වෙමින්  සිට ඇති අතර අලුයම 5.30 ට  පමණ අඟුලාන  දුමිරිය ස්ථානයේ ළගා වු අවස්ථාවේ කොල්ලකරුවන් දෙදෙනා  දුමිරියට ගොඩවී ඇති බවද පොලිසිය පවසයි.

සැකකරුවන් දුම්රිය ගොඩ වු අවස්ථාවේ  මෙම මැදිරියේ ගමන්ගෙන ඇත්තේ මෙම අඹුසැමි යුවළ පමණක් බවත්, සැකකරුවන්  කාන්තාව වෙත   ගොස් ඇයට පහර දී ගෙලබැදි රන් මාලය කඩා ගැනීමට උත්සහ කිරීමේ  පිරිමි පුද්ගලයා  එය වලැක්වීමේ දී සැකකරුවන්  ඔහුට  කඩුවෙන් පහර දී ඇති බවද පොලිසිට තොරතුරු ලැබී ඇත.

අඹු සැමි යුවළගේ කෑ ගැසීම ඇසී  දුමිරියේ ගමන් කිහිපදෙනකු එම මැරිදිය පැමිණ ඇති බවත්, එම අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා ඉදිරියට දිවගොස්  ලුනාව ධාවනය වෙමින් තිබු දුමිරියෙන් පැන ඇති බවද පොලිසිය පවසයි.

මගීන් සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) වෙත දැනුම් දීමෙන් පසු   මොරටුව පොලිසිය  එම ස්ථානයට පැමිණ ඇත.
පොලිසිය  සිදුකළ සෝදිසියේ දී එහිදී ධාවනයවෙමින් තිබූ දුම්රියෙන් පැන්න එක් සැකකරුවෙකු තුවාල ලබා දුම්රිය මාර් ගයේ වැටී සිටියදී පොලීසිය භාරයට ගෙන තිබේ.

දුමිරියෙන් පැන්න සෙසු සැකකරු රන් මාලය සහ රුපියල් ලක්ෂ 2ක් සහිත මුදල් පසුම්බිය රැගෙන පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියට මුහුණදුන් අඹු-සැමි යුවළ මන්නාරම පල්ලිමුණෙ  දකුණ ප්‍ර දේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පැමිණ ඇත්තේ මොරටුව ප්රළදේශයේ ඇති යතුරුපැදියක් මිලදී ගැනීමේ අරමුණින්  මෙලෙස පැමිණ ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

සැකකරුවනගේ කඩු ප්‍රහාරයට ලක්වූ පිරිමි පුද්ගලයා සහ පහරකෑමට ලක්වූ කාන්තාව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.

තුවාල ලබා පොලිසිය බාරයට ගත් කොල්ලකරුගේ හිසට සිදුවූ  තුවාල සිදුව ඇති  බවත්, එම සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදී බන්ධනාගාරගතවූ පුද්ගලයකු බවත් ඔහු දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවත් මොරටුව පොලීසිය පවසයි



අදහස් (2)

සැමියාට කඩුවෙන් කොටා බිරියගේ රන්මාලය-ලක්ෂ 2 ක් කොල්ලකාලා

sugath Thursday, 06 October 2022 07:56 PM

අද රටේ මිනිසුන්ගේ පුද්ගලික ආරක්ෂාව බිංදුවට බැස තිබේ. පොලිසිය පැමිණෙන විට බොහෝ අපරාධ සිදුවී හමාරයි. එබැවින්, ගමනක් යනවිට තමන්ගේ ආත්මාරක්ෂාව සඳහා යම් ආයුධයක් රැගෙන යා යුතුයි...!

:       0       1

ගමේ එකාලා Friday, 07 October 2022 01:29 PM

කෝච්චියේ මාල කඩා ගන්නවනම් රත්තරන් දන්න කෙනෙක් වෙන්ඩැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site