IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජාතික සභාවේ කමිටු සාමාජිකයෝ මෙන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික සභාව පත් කළ  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායිකරණ අනු කමිටු දෙකට සාමාජික මන්ත්‍රීවරු ඊයේ (6) පත් කරනු ලැබූහ.

එම අනු කමිටු  අද(7) රැස්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු, ජාතික සභාවේ දෙවන රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (06) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.

මෙම අනුකමිටු දෙක පත්කෙරුණේ 'කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීම සහ   'ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇති කර ගැනීම  සඳහාය.

කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ  පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, මනෝ ගනේෂන්, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්රි රහීම්, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, නසීර් අහමඩ්, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මන්ත්‍රීවරුන්ය.

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, රිසාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, පාඨලි චම්පික රණවක, සිසිර ජයකොඩි, එම්. රාමේෂ්වරන්, මනෝ ගනේෂන්, ටිරාන් අලස්, නසීර් අහමඩ්, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මන්ත්‍රීවරු පත් කරනු ලැබ සිටිති.

පිළිගත් දේශපාලන පක්ෂවල   මන්ත්‍රීවරුන්ගෙන් ජාතික සභාව සමන්විත වෙයි.



අදහස් (0)

ජාතික සභාවේ කමිටු සාමාජිකයෝ මෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site