
(චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලගේ සමග අත් අඩංගුවට ගෙන දින 50ක් රඳවාගෙන ප්‍රශ්න කළ හෂාන් ජීවන්ත ගුණතිලක මහතා මුදාහැරීමට තංගල්ල මහෙස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහත මුදා හළේය.
හෂාන් ජීවන්ත ගුණතිලක මහතාට එරෙහිව කිසිඳු චෝදනාවක් ඉදිරිපත් කිරීමට කරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවූ බව පවසමින් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් ඔහු මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ හා ගලවැවේ සිරිධම්ම හිමියන් සමඟ අත් අඩංගුවට ගනු ලැබු හෂාන් ජීවන්ත ශිෂ්‍යයා ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
හෂාන් ජීවන්ත ශිෂ්‍යයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් මොහු දින 50ක් තිස්සේ රදවා ගෙන ප්රශ්න කරන ලදැයි දැනුම් දුන්නේය.
ත්රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් මොහු සම්බන්ධයෙන් විමර්ශන කළත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මොහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට තරම් කිසිඳු කරුණක් අනාවරණය නොවු බව දැනුම් දුන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහු මුදා හරින්නැයි අධිකරණයෙන් ඉල්ලීමක්ද කළේය.
හෂාන් ජීවන්ත ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා අධිකරණය අමතමින් කිසිදු පැමිණිල්ලක් හෝ සාක්ෂියක් නොමැතිව අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ හා ගලවැවේ සිරිධම්ම හිමියන් සමඟ තම සේවාදායකයාද අත් අඩංගුවට ගෙන රදවා තබා ගෙන සිටියේ යැයි පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන කිසිඳු වරදක් මොවුන් සිදු නොකළ බව තමන් මුල සිටම පැවසු බවත් ඒ බව පවසමින් මොවුන් තිදෙනා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කොට ඇතැයිද පැවසු ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා එම පෙත්සම් ලබන 18 වැනිදා කැඳවීමට නියමිත යැයිද පැවසීය'.
අත්අඩංගුවට ගනු ලැබු මොවන් තිදෙනා කිසිඳු විමර්ශනයකින් තොරව රඳවාගෙන සිටින බව තමන් මුල සිටම ප්‍රකාශ කළ බවත් මොවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් උත්සහ කළ බවත් පැවසු ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති භයානක බව මුල සිටම අපි අවධාරණය කළේ ඒ හේතූව නිසා යැයිද පැවසී.
දෙපාර්ශවයේ කරුණු සළකා බැලීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිළධාරීන් ගේ ඉල්ලීම පිළිගත් මහේස්ත්රාත්වරයා හෂාන් ජීවන්ත ශිෂ්‍යායා මුදා හැරීමට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔවුන් සියල්ලන්ම නිදහස් කරන්න කියා සිටිමු!
තටු අකුලාගෙන අරගල කලාට අරගල කාරයෝ ඉගිලෙන විට උන්ගේ කොලපාට,රතුපාට නිල්පාට යට ඇඳුම් අපි දැක්කා. ඒ නිසා අරගලය පුස්සක් උනා. ඝෝඨ ගෝ හෝම් කියලා කර ගත්තේ කැහි ගැහැණි දීලා හොටු ගැහැණි ගත්තාට වඩා විසාල ව්‍යසනයක් නේද? දැන් හදන්නේ ඉන්න යකා කොරහ බිඳගෙන යන්නයි.