(ඉන්දිකා රාමනායක)
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යාමෙන් පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තිළිණි ප්‍රියමාලි නමැති සැකකාරිය භාවිතා කළ ජංගම දුරකතන දෙකක් මේ දක්වා සොයා ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඇය ආර් වාට්ටු සිර මැදිරියේ රඳවා සිටියදී කළ සොදිසියේ දී එම සිරිමැදිරයේ දොරක සගවා තිබු එක් ජංගම දුරකතනයක් මීට පෙර සොයාගත් බවත්, ඇය වෙනත් සිර මැදිරියට මාරු කිරීමේ පසු බන්ධනාගාර හදිසි පුතිචාර උපක්ර මයක බලකාය විසින් ඉකුත් (9) දින රාත්රි යේ පරික්ෂා කිරීමේදී ඇය සන්තයේ තිබී සෙසු දුරකතනය සොගා ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
මෙම දුරකතන දෙකම අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවද හෙතෙම කීය.
මෙම සැකකාරිය බන්ධනාගාර තුළ දී ජංගම දුරකතනය ලබා දුන් බව කියන කාන්තාවගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද හෙතෙම කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර අධිකාරිය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව හෙතෙම කීය.
තිළිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දුරකථන , එයා කොහෙද හංග ගෙන ඇත්තේ ?