(හිරාන්  ප්‍රියංකර ජයසිංහ) 

නත්තන්ඩිය නගරයෙන් කුලි ගමනක් යන මුවාවෙන්  10 දින දහවල් ත්‍රි රෝද රථයකට නැගි අතර මගදී රියදුරුගෙ ගෙලට ලණූවක් දමා සිරකර පිහියෙන් ඇන ත්‍රි රෝද රථය සොරා ගන්න ගිය සැකකරුවන් දෙදෙනකුට තවත් ස්ථානයකදි යතුරු පැදියක් සොරකම් කිරීමට යාමේදි ගම්වාසින්අල්ලා පොලිසියට බාර දී ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ නාත්තන්ඩිය නගරයෙ දී 10 දහවල් ත්‍රි රෝද රථයකට නැගුන දෙදෙනෙකු නගරයේ සිට කිලෝ මිටර් 4 කට ආසන්න දුරකින් වු පෞද්ගලික කර් මාන්ත ශාලාවකට යාම සදහා පිටත් වී ඇති බවය.

එසේ කුලි ගමන යන අතර තුරදී කර්මාන්ත ශාලාව පෙනෙන දුරකදි එකවර එක් සොරේකු  ත්රීකරෝද රථ රියදුරාගේ ගෙල සිරවෙන ආකාරයෙන් ලණුවකින් සිරකර ඇති බවත් අනෙක් සොරා ගෙල ප්රරදේශයට පිහියකින් ඇන තිබේ.

කෙසේ හෝ උපායශීලි ලෙස ත්‍රි රෝද රථ රියදුරා එකවර ගමන් කරමින් තිබු ත්රිශ රෝද රථය දමා පැන ඇත්තේ ගෙලට එල්ල වු පිහිපහරින් ලේ වහනය වෙමින් තිබියදී බව පොලිසිය කියයි.

ත්රිි රෝද රථ රියදුරා රථය අතහැර පැන දුවද්දි සොරුන් ත්රි  රෝද රථය සොරා ගෙන පලා යමින් සිටියදි ලේ ගලමින් මාර් ගයේ දිව යමින් සිටි රියදුරු ඒ අසලින් ගමන් කල යතුරු පැදියක තරුණයින්ට මේ බව පවසා ඇති බව කියයි.

යතුරු පැදියෙ ගමන් කල තරුණයින් සොරා ගෙන යමින් තිබු ත්රි රෝද රථය ලුහු බැද ඇති බව කියයි.

ඒ සමගම ත්රිෙ රෝද රථයෙ ඉන්ධන අවසන් වීමත් සමග එය නවතා දැමු සොරුන් ඒ අසල වු නිවසක තිබු යතුරු පැදියක් පන ගන්වා එය සොරකම් කර යාමට උත්සහ කර ඇති බවත් එය දුටු මවක් දිව විත් යතුරු පැදියෙ එල්ලි ඇති බව කියයි.

සොරුන් විසින් මවට පහර දී ඇයටද  පිහි පහරක් එල්ල කර ඇතත් එය නුලෙන් බේරි ඇති අතර මෙම සොරුන් ලුහු බදිමින් සිටි තරුණයින් එකවර එම ස්ථානයට කඩා වැදිමත් සමග එක් සොරුන් දිව යන්නට වු බවත් පසුව එක් සොරේකු අල්ලා ගෙන ඇති බව කියයි.

ඒ අතර තුල අනෙක් සොර කිසිවකුට සැක නොසිතන ලෙස යතුරු පැදිය තිබු නිවසේ සැගවි ඇති බවද පොලිසිය කියයි.

කෙසේ නමුත් තරුණයින් විසින් අල්ලා ගත් සොරාට එම ස්ථානයට පැමිනි ගම්වැසියන් විසින් පහර දී ඇති බරපතල ලෙස තුවාල සිදුව තිබු බවත්  119 හදිසි ගිලන් රථ සේවය මගින් පොලිසිය මැදිහත්ව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුනී.

ඒ සමගම නිවසේ සැගවි සිටි සොරා නිවැසියන් දැක පොලිසියට භාර දීමට කටයුතු කර තිබු බවද කියයි.
ගම්වැසියන්ගේ පහර කෑමට ලක්වු සොරා බරපතල තත්වයෙ පසුවිමත් සමග මාරවිල රෝහලින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවිමට කටයුතු කර  තිබුනී.

අත් අඩංගුවට ගත් අනෙක් සැකකාර සොර මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.

පොලිස් පරික්ෂණ වලදි හෙළිව ඇත්තේ මෙම සැකකරුන් දෙදෙනාගෙන් එක අයකු වාරියපොල පදිංචි 43 හැවිරිදි අයකු බවත් අනෙක් සැකකරු මිනුවන්ගොඩ පදිංචි 42 හැවිරිදි අයකු බවයි.

මාරවිල මූලස්ථාන පොලිසියෙ වැඩබලන ස්ථානාධිපති  පොලිස් පරික්ෂක ලලිත් සදගිරි මහතා ඇතුළු නිළධාරිහු පිරිසක් පරික්ෂණ සදහා එක්වි සිටිති.