නිදහස ලැබූ රන්ජන් ගංගාරාමයට ජනාධිපති සමාව ලැබ නිදහස ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමෙන් පසු කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආශීර්වාද ලබාගත්තේය. 26 August 2022
නැවතත් දිගු ඉන්ධන පෝලිම් ඉන්ධන හිඟය හේතුවෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල් අසළ දිගු වාහන පෝලිම් අද (26) පෙරවරුවේ සිට දැකිය හැකි වූ අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග නොතිබීම නිසා ජනතාව අපහසුතාවට පත්වූහ. 26 August 2022
අධිබලැති විදුලි රැහැන් එපා: අටුලුගම විරෝධයක් බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ හරහා අධිබලති විදුලි රැහැන් එළීමට විරෝධය පළ කරමින් පිරිසක් අටලුගම මහා පල්ලිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 26 August 2022
දියණියට වද දුන් මව කූඩුවට නව හැවිරිදි තම දියණිය කෲර ලෙස වධ හිංසා කළ බව කියන දෙදරු මවක අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 26 August 2022
අවන්හල් හිමිකාරියගේ පියා රුපියල් 20කට මැදිව මියයයි කදාන නගරයේ අවන්හලකදි රුපියල් 20ක් නිසා ඇතිවුන කතාවක් දුර දිග යාමෙන් පහරකෑමට ලක් වු 65 හැවිරිදි පුද්ගලයකු රාගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇතැයි කදාන පොලිසිය පවසයි. 26 August 2022
ආනයන තහනම ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් භාණ්ඩ වර්ග 300 ක ආනයනය තහනම් කිරීමට රජය පියවර ගැනීමෙන් ජනාතවගේ ජීවනෝපායන් මෙන්ම ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් මෙම ආනයන තහනමත් සමඟ ක්ෂේත්‍ර ගණනාවක ලක්ෂ ගණනක රැකියා අහිමිවීමේ අවධානමක් ඇති බවත් පොරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (26) පැවසීය. 26 August 2022
එළියට එන්නත් කලින් රන්ජන්ට තනතුරක් නිදහස ලබන රන්ජන් රාමනායක මහතාට නව තනතුර ලබා දීමට නියමිත බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 26 August 2022
ගුවන් යානයේදී හිතවත් වූ කතගෙන් ‘‘පණ‘‘ ඇති තෑග්ගක් සෞදියේ සිට පැමිණි ගුවන් යානයකදී හිතවත් වූ කාන්තාවක් ඇගේ අවුුරුදු දෙකක පමණ දරුවකු බලාගන්නට දී පලාගිය ප්‍රවෘත්තියක් කළුතර පොලිසියෙන් වාර්තා වෙයි. 26 August 2022
රන්ජන් රාමනායක එළියට ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය. 26 August 2022
රාජ්‍ය අංශයට ලැබෙන වරප්‍රසාද පෞද්ගලික අංශයටද ලැබිය යුතුයි රාජ්‍ය අංශයට ලැබෙන පහසුකම් පෞද්ගලික අංශයට ද ලැබිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 26 August 2022
ජනපති මැදුරෙන් ඇඳ ඇතිරිල්ලක් සොරාගත් අරගලකරුවා රිමාන්ඩ් ජනපති මැදුරේ තිබූ ඇඳක ඇතිරිල්ලක් සොරා ගත්තේයැයි කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයත් අඩංගුවට ගත සැකකරුවකු ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (26) නියෝග කළේය. 26 August 2022
ඩීසල් හිඟයට තවමත් විසඳුමක් නෑ ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන බෙදාහැරීම ආරම්භ කළ ද ඩීසල් හිඟය තව දුරටත් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ පැවසීය. 26 August 2022
දරුවන්ට පෝෂණීය ආහාර වේලක් දෙන්න අමෙරිකාවෙන් අත පාසල් දිවා ආහාර වෙලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියලි ආහාර තොගයක් ඇමෙරිකානු රජය මගින් ශ්‍රී ලංකාවට ප්රදානය කර තිබේ. 26 August 2022
බ්‍රිතාන්‍ය පැන වූ සංචාරක නීති ලිහිල් කරයි බ්‍රිතාන්‍ය,ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ලබා දී තිබූ උපදෙස් ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත. 26 August 2022
රංජන්ට අද සවස එළියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක මහතාට අද (26) පස්වරුවේ ජනාධිපති සමාව හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 26 August 2022
නුගේගොඩ පොලිසිවල මේ මාසේ පඩි කොළේ කරනමක් ගහලා නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට මෙවර වැටුප් ලබා දීමේදී ඇතැම් පිරිස්වලට වැටුප අඩු වීමත් තවත් පිරිසකට කිසිදු වැටුපක් නොලැබීමත් හේතුවෙන් ඔහුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි 26 August 2022
ජපානය හා ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර සමුළුවක් ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට අපේකෂා කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. 26 August 2022
රන්ජන්ට කොන්දේසි සහිත සමාවක් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය. 26 August 2022
ගොවීන්ට නොමිලේ දෙන යූරියා දෙසතියකින් එයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ලාංකික ගොවි ජනතාවට නොමිළේ ලබා දෙන යුරියා පොහොරවලින් මෙට්‍රික් ටොන් 1000ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 26 August 2022
පෞද්ගලික බස්වලින් සියයට 50ක් ගෙදර ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවලින් සියයට 50 ක පමණ අද (26) ධාවනය නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 26 August 2022
අද විටින් විට වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 August 2022
ඉදිකිරීම් ක්ෂේත්රයටත් කණ කොකා ඉදිකිරීම් ක්ෂේත්රයට අවශ්‍ය භාණ්ඩ රැසක් ආනයනය කිරීම අත්හිටුවීමෙන් එම ක්ෂේත්රය කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය. 26 August 2022
ත්‍රිරෝද 300ක් විද්‍යුත් කරණයට ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඛනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ඇතිව ත්‍රීරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක ආරම්භ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි. 26 August 2022
කොවිඩ් ආසාදිතයන් 114 ක් ‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 25 August 2022
හමුදාව සයිබර් යුද්ධ සඳහාත් සන්නද්ධ කළ යුතුයි අනාගතයේදී භූමියේ ගුවනේ මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේ ද යුද්ධ සිදුවිය හැකි බැවින් එවැනි තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමින් ලාංකික රණවිරුවන් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 August 2022
පොල් සේවකයන්ගේ ආර්ථසාධයකට විද්ද එහි ලිපිකාරිනිය සහ සැමියා රිමාන්ඩ් පොල් වගාකිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එහි විෂය ලිපිකාරිණියක සහ ඇගේ ස්වාමිපුරුෂයා ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (25) නියෝග කළාය. 25 August 2022
රත්නපුරේ විදුහල්පති සිසු අපයෝජනය කාලෙක ඉඳන් කරගෙන ගිහින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසලක සිසුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති එම පාසලේ විදුහල්පතිවරයා කලක පටන් එහි සිසුන් අපයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති, උදය කුමාර අමරසිංහ මහතා පැවසීය. 25 August 2022
හෙටත් පැය 3 ක විදුලිය කපයි නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (26) දිනයේ ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (25) පස්වරුවේ පැවසීය. 25 August 2022
දින දෙකට කොවිඩ් මරණ 10 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) පස්වරුවේ තහවුරු කළේය. 25 August 2022
හිටපු ජනාධිපති ගෝඨාභයට අගමැති වෙන්න පුළුවන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට කිසිඳු අකමැත්තක් නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් කැමැත්ත පළකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා අද (25) පැවසීය 25 August 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026