අනතුරින් සිහිනැති වූ වදුරාට තරුණියක් යළි පණ දෙයි බණ්ඩාරගම නගරයේ දී සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් අනතුරට පත්ව තුවාල ලබා, සිහි විසඥව මහා මාර්ගයේ වැටී සිටි වඳුරෙකුට මූලික ප්‍රතිකාර ලබාදී ප්‍රකෘති තත්ත්වයට පත්කරලීමට වාද්දුවේ තරුණියක්, සිය නැගණිය සමග පියවර ගත්හ. 04 March 2022
ජනපති ගෝඨාභය යටතේ මින් ඉදිරියට ඇමැති ධූර බාර ගන්නේ නෑ වර්තමාන ජනාධිපතිවරයා යටතේ මින් ඉදිරියට ඇමතිධූර බාර ගැනීමට කිසිදු සූදානමක් නැතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 04 March 2022
විදුලිය කැපිල්ල අස්සේ බිලත් ඉහළට? ලංකා විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ විදුලි ගාස්තුව ඉහළ දැමිය යුතු යන ස්ථාවරයේ එම මණ්ඩලයේ කළමනාකාරිතවය සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 04 March 2022
වාසුදේව අමාත්‍ය ධූර කටයුතුවලින් ඉවත් වෙයි අමාත්‍යපදවි වලින් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමා අමාත්‍යධූරයේ කටයුතුවලින් වැළකී සිටින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 04 March 2022
පාර්ලිමේන්තු කටයුතු සිදු වන අයුරු ගැන විමල් කියයි තමා සහ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී කටයුතු කරන ආකාරය ගැන පක්ෂ නායක රැස්වීමේදී අද තීරණය කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 04 March 2022
යුගදනවි පෙත්සම් විසි වෙයි කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කලේය. 04 March 2022
කෙරවලපිටියට ‘නැප්තා’ ලීටර් ලක්ෂ 10 ක් කෙරවලපිටිය විදුලි බලාගාරයට ‘නැප්තා’ ලීටර් ලක්ෂ 10 ක් ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 04 March 2022
ස්ථාවර තැන්පත්-ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමයි ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ. 04 March 2022
යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් යුක්රේනයේ සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට රුසියන් හමුදා පහර දුන්නේය. ප්‍රහාරයෙන් පසු බලාගාරයේ ගින්නක් ද හටගත්තේය. සේපෝසේයා යනු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි. 04 March 2022
‘‘මොල 14ක් තිබුණත් මේ අර්බුදයෙන් ගොඩ යාම අපහසුයි‘‘ වර්තමානයේ ලෝකයේ පවතින අර්බුදය හමුවේ මෙරට මුදල් ඇමතිවරයාට මොළ හතක් නෙමෙයි මොළ දාහතරක් තිබුණත් ඩොලර් හිගය, ආර්ථික අර්බුදය නැති කිරීම, ආර්ථිකය ගොඩ ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි. 04 March 2022
ඇමැති වාසුත් ඉවත් වෙයි? ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ. 04 March 2022
‘‘ඉවත් කළාට ස්තුතියි‘‘ තමන් අමාත්‍යධූරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ඇමති විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතෙහි ’ස්තුතියි’ යනුවෙන් පළ කර ඇත. 04 March 2022
පීඩන අවපාතය තමිල්නාඩු දෙසට නිරිත දිග හා ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ නැගෙනගිර වෙරළ ආසන්නයෙන් ඉදිරි පැය 48 තුළ ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 March 2022
ආණ්ඩුවේ පසුපෙළින් කතානායකට පෙත්සමක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයට සැකකටයුතු පාර්සලයක් රැගෙන එන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පෙත්සමක් බාර දුන්හ. 04 March 2022
දෙවැනි වටයේ සාමකතා අවසන් රුසියාවත් යුක්රේනයත් අතර දෙවැනි වටයේ සාම කතා බෙලරූස් රාජ්‍යයේ බ්‍රෙස්ට් පළාතේ පැවැත්විණි. 04 March 2022
රොකට්ටු කැබැල්ලක් හඳට වැටෙනවා පාලනයෙන් ගිලිහුණු රොකට් කැබැල්ලක් අද (4) සඳට කඩා වැටීමට නියමිතය. ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව කඩා වැටෙනු ඇත්තේ චීනයට අයත් භාවිතයෙන් ඉවත් කළ අභ්‍යවකාශයේ පාවෙමින් තිබුණු රොකට්ටු කැබැල්ලකි. 04 March 2022
ඩීසල් හිඟය භාණ්ඩ ප්‍රවාහනයටත් බාධාකරයි ඩීසල් නොමැති වීමෙන් භාන්ඩ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිට ඇතැයි එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය. 03 March 2022
අස්වනු නෙලන්න තෙල් දෙන්න අස්වනු නෙලන ගොවීන්ගේ කෘෂි යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ඔවුනට අඩුවකින් තොරව ලබාදීම සඳහා විධිමත් සැලසුමක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට අද (03) දැනුම් දුන්නේය. 03 March 2022
දැඩි ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක් ගෑස් ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීම නිසා ලබන සතිය වන විට රට පුරාම දැඩි ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා අද (3) පැවසීය. 03 March 2022
කොරෝනා මරණ 20ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 March 2022
ප්‍රේමනාත් දොලවත්ත පසුපෙළින් පන්නයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් අද (03) පැවති රැස්වීමට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලට නොකැඳවීමට එම කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ. 03 March 2022
පවිත්රාට,ගාමිණිට,එස්.බීට නව අමාත්‍යාංශ නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවිය. ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට සුළු වේලාවකට පෙර විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය. 03 March 2022
විමල් - උදය අමත්‍ය මණ්ඩලයෙන් ඉවතට අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ මීට සුළු මොහොත කට පෙර අමාත්‍ය ධූරවලින් ඉවත් කළ බව රජයේ ආරංචි මාර්ග කියයි. 03 March 2022
විමල්,වාසු,උදය කැබිනට්ටුවෙන් විසි වෙති? විමල් වීරවංශ ,උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ (03) ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. 03 March 2022
ඕස්ට්‍රේලියාවේදී සල්ලාලකම් කළැයි 13 වසරක් හිරේ ඕස්ට්‍රේලියාවේ බාලවයස්කාර දැරියන්ට නිරුවත් ඡායාරූප එවන ලෙස තර්ජනය කළ 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට වික්ටෝරියා ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර 13 ක සිර දඬුවමක් නියම කර තිබේ. 03 March 2022
පක්ෂ නායක රැස්වීමේදී ඉන්ධන අර්බුදය ගැනත් සාකච්ඡා ඉන්ධන අර්බුදය සහ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද (3) සාකච්ඡා කෙරුණු බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 03 March 2022
‘‘ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ලෝකයටම ආදර්ශයක්‘‘ කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ වැඩපිළිවෙල ඉතාම සාර්ථක බවත් සංවිධානාත්මක එන්නත්කරණය මුළු ලොවටම ආදර්ශයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්‍රියෙසස් මහතා පැවැසීය. 03 March 2022
කසිප්පු මුදලාලිගෙන් කප්පම් ගත් බුද්ධි නිලධාරීහු හතරක් මාට්ටු නිට්ටඹුව මාතලානේ කසිප්පු අලෙවි කරන කාන්තාවකගෙන් කප්පම් ගත් බව කියන යුද හමුදා බුද්ධි නිලධාරීන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 03 March 2022
පිට පිටම තෙවැනි දිනටත් හෙට පැය හතහමාරක් විදුලිය කපයි විදුලිය නිෂ්පාදනය කිරීමට ඉන්ධන නොමැතිවීම නිසා පිට පිටම තුන්වැනි දිනටත් හෙට (4) රට පුරා පැය හතයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 03 March 2022
පෞද්ගලික බස් රථවලට ලංගමෙන් ඉන්ධන හෙට(04) දිනයේ සිට පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ වලින් ඉන්ධන ලබා ගැනිමට ක්‍රමවේදයක් සකස් කරන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පොරොන්දු වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 03 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026