පාතාලය මට්ටු කරන මෙහෙයුම ඇරඹෙයි පාතාලය මර්දනය කිරීම සඳහා අද සිට විශේෂ මෙහෙයුමක් අරඹන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. 27 August 2022
එජාප උපන් දිනේ ඉහලින් සමරන්න යයි එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය “එක්වෙමු“ යන තේමාව යටතේ ලබන සැප්තැම්බර් 06 ද කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට නියමිතය. 27 August 2022
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි තියුණු ආයුධයකින් පහරදී අද අගලවත්ත , පින්නනගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි . 27 August 2022
බිල් නොගෙවූ මැති ඇමතිවරුන් ගැන පරිපාලන ලේකම්ගෙන් කතානායකට ලිපියක් ගෙවල් කුලී ,ජල සහ විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මැති ඇමැතිවරුන්ගේ ඒ හිඟ මුදල් අය කර ගැනීම සඳහා මැදිහත්වී කටයුතු කරන්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත. 27 August 2022
අරගලකරුවෝ 30 වෙනිදා නැවතත් කොළඹට අරගලකරුවන් කොළඹට ලබන 30 වෙනිදා යළිත් පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 27 August 2022
පැරිසියෙන් ගෙනා කෝටි තුනහමාරක රත්‍රං රේගුවේ හිර වෙයි පැරීසියේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද (27) අළුයම පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මඟියෙක් නීති විරෝධීව රැගෙන ආ රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමින් යුත් රත්තරන් තොගයක් ගුවන්තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 27 August 2022
රන්ජන් ගැන විමලවීර කියන කතාව රන්ජන් රාමනායක මහතා අපරාධකරුවකු නොවන නිසා ඔහු නිදහස් වීම ගැන හෘදයාංගම සතුටු වන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. 27 August 2022
ආණ්ඩුවට එන්න හිටි ස.ජ.බ ලොක්කෙක් පස්ස ගහයි ආණ්ඩුවට සම්බන්ධ වෙතැයි පසුගිය කාලයේදී ලොකු කතා බහකට ලක්වූ සමගි ජන බලවේගයේ නම ගිය පුද්ගලයකු එලෙස සම්බන්ධවීමට දැන් දැන් අදි මදි කරමින් සිටින බව වාර්තා වේ. 27 August 2022
මැතිසබා කමිටු හැටක පුටු තවමත් හිස් නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබ මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් කෝප්, කෝපා ඇතුළු එහි කමිටු 60කට වැඩි සංඛ්‍යාවක් තවමත් පත්නොකර හිස්ව පවතින බව වාර්තා වේ. 27 August 2022
පවුලක කෑම වියදම වැඩි වුණ හටි පේරාදෙණිය සරසවියෙන් කියයි රුපියල් හැට තුන් දහසක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක 2019 වර්ෂයේ මාසික පරිභෝජන වියදම( ආහාර ඇතුළු විවිධ භාණ්ඩ සඳහා වැය කරන මුදල) උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් අද වනවිට රුපියල් එක් ලක්ෂ දස දහස් දක්වා රුපියල් 47000 කින් පමණ ඉහළ ගොස් ඇතැයි විශේෂ අධ්‍යයනයකින් පෙනී ගිය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය. 27 August 2022
දුලාංජලී රටෙන් යයි රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි සිය පෞද්ගලික නිවෙසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්‍රකාශ සටහන් කර ගැනුණු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ජයකොඩි මහත්මිය ඊයේ (26) උදේ දිවයිනෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ. 27 August 2022
පළාත් කීපයකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 August 2022
නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය යථා තත්ත්වයට හදිසි බිද වැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිළධාරියෙක් පැවසීය. 27 August 2022
පා.මන්ත්‍රී දොලවත්තගේ නිවෙස පහරදුන් හයක් මාට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ කඩුවෙල බෝමිරිය නිවසට පහර දී දේපලවලට අලාභානි කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ආයතනයක ඩිප්ලෝමාවක් හදාරන සිසුවකු ඇතුළු පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 27 August 2022
පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරිනියකගේ ලක්ෂ හතක රන් උස්සලා පාර්ලිමේන්තු පොලීසියේ පොලිස් නිලධාරිනියකගේ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් මාලයක් සහ රන්මුදු දෙකක් එහි පොලිස් කාන්තා භට නිවාසයේදී සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 27 August 2022
රන්ජන් තනතුර බාර ගනී විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති තනතුර රන්ජන් රාමනායක මහතා විසින් භාර ගනු ලැබීය. 27 August 2022
හොර හරක් වෑන් රිය අධිබලැති විදුලි කණුවේ ගැටේ නීති විරෝධීව ගවයින් සොරකම් කිරීමට පැමිණ බවට සැකකර සුඛෝපභෝගී වෑන් රථයක් අද අලුයම වස්කඩුව ගාලුපාරේ දී අධිබලැති විදුලි රැහැන් සහිත ට්‍රාන්ස් පෝමරයක ගැටී දෙදෙනකු රෝහල් ගතකර ඇති බවත් එහි පැමිණි අනෙක් පුද්ගලයන් පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි . 27 August 2022
කොවිඩ් මරණ තවත් 4 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය. 26 August 2022
රුපියල් කෝටියක සිගරැට් රේගු දැළේ ඩුබායි සිට ඕමානයේ මස්කට් නගරය හරහා පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු නීති විරෝධිව රැගෙනආ රුපියල් කෝටියක් පමණ වටිනා සිගරැට් තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 26 August 2022
රන්ජන්ගේ නිදහස ගැන හරීන් කළ ප්‍රකාශය ’’වැඩ කරන උං ෂෝ දාන්නේ නෑනේ මල්ලි ,මං වැඩෙි කළා. දැන් පැත්තකට වෙලා ඉන්නවා, යැයි රන්ජන් රාමනායක මහතා නිදහස ලැබීම සම්බන්ධයෙන් ලංකාදීපයට ප්‍රකාශයක් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 26 August 2022
නිල්වලා ගඟේ දිය නෑ හතරක් ගසාගෙන යති පිටබැද්දර ,සියඹලාගොඩ දෙහිගස්ප ප්‍රදේශයේ නිල්වලා ගගේ අද(26) පස්වරුවේ දිය නාමින් සිටි පුද්ගලයන් 12 කු ගෙන් පස් දෙනකු දියේ ගසාගෙන ගොස් ඉන් සිව් දෙනකු අතුරුදන්ව එක් අයකු දිවි බේරාගෙන ඇතැයි පිටබැද්දර පොලීසිය පවසයි. 26 August 2022
මූල්‍ය අරමුදල විදුලි බිල සංශෝධනය ඇතුළු තොරතුරු ඉල්ලයි පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි. 26 August 2022
සති අන්තයේත් පැය 3 ක් විදුලිය කපයි නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (27 සහ 28) දෙදින ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (26) පස්වරුවේ පැවසීය. 26 August 2022
ගොවිජන බැංකු තැන්පතු කෝටි 600 ඉක්මවයි ගොවිජන සේවා මධ්‍යස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන ගොවිජන බැංකු වල ගොවි ජනතාවගේ තැන්පතු මුදල් රුපියල් කෝටි 600 ඉක්මවා ඇතැයි ගොවිජන බැංකු නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත. 26 August 2022
ජල ගාස්තුව 1 වැනිදා සිට ඉහළට ජල ගාස්තු ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට ඉහළ නැංවීමට තීරණය ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය. 26 August 2022
’’පක්ෂ මාරු කිරීම හෝ කඩේ යාම මගේ සිලබස් එකේ නැහැ’’ තමන් වෙනස් වී, බිය වී හෝ නොමැති බවත් පක්ෂ මාරු කිරීම හෝ කඩේ යාම තමන්ගේ සිලබස් එකේ නොමැති බවත් ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කොළඹ දී අද (26) ප්‍රකාශ කළේ ය. 26 August 2022
මූලික අයිතිවාසිකම් කඩවුනැයි වසන්තගෙන් පෙත්සමක් නීතියට පටහැනිව රැඳවුම් නියෝග මත රඳවා තබා තබාගනිමින් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (26) ගොනු කළේය . 26 August 2022
ත්‍රස්ත පනතට එරෙහිව මහජන පෙත්සමකට අත්සන් ගනී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන අණ පනත් අහෝසි කරන ලෙසත් ,අත්අඩංගුවට ගත් අරගලකරුවන් වහා නිදහස් කරන ලෙසත් රජයට බලකරමින් වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද මහජන පෙත්සමක් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (26) පැවැත්විය. 26 August 2022
සජබ ජාතික ලැයිස්තුවේ පළමු පුරප්පාඩුවට රංජන්ට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඇති වන පළමු පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පත්කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (26)පැවසීය. 26 August 2022
රංජන්ට විදෙස් ශ්‍රමිකයන් ගැන බලන්න තනතුරක් විදේශගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති ලෙස රන්ජන් රාමනායක මහතා පත්කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. 26 August 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026