IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනපති ඊජිප්තු යයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් මාසයේදී ඊජිප්තු සංචාරක නිරත වීමට නියමිතය.

නොවැම්බර් 06 වැනිදා සිට 18 වැනි දා දක්වා ඊජිප්තුවේ  දී පැවැත්වෙන COP 27 සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා ඊජිප්තුවට යාමට නියමිතය.COP 27 සමුළුව යනු දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක සමුළුවකි.

ජනාධිපති ධුරයට පත් වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමෙි කටයුතු සඳහා මුලින්ම  එංගලන්තයටත් දෙවැනිව  ජපානයටත් තුන්වැනිව පිලිපීනයටත් සංචාරය ක⁣ළේය.

ඊජිප්තු සංචාරය ජනාධිපතිවරයාගේ හතරවැනි විදේශ සංචාරයයි.



අදහස් (10)

ජනපති ඊජිප්තු යයි

chandima Friday, 14 October 2022 07:33 PM

ඒ කාලේ රටම ගිනිගද්දී පදින්න ගියා. මෙදා රටම ආර්ථික අගාධයට වැටිලා තියෙද්දී රවුම් ගහනවා.

:       4       8

ABFriday, 14 October 2022 10:16 PM

COP 27 සමුළුව යනු දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක සමුළුවකි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීම සහ දේශගුණික හදිසි අවස්ථා විසඳීම වන සාර්ථක සහ අභිලාෂයන සඳහා සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට යාමේ වරද කුමක්ද? ජනාධිපතිවරයා සහභාගි වනුයේ "සංචාරයක්" සඳහා නොව මෙවර ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක සමුළුවට සහභාගි වීම සඳහා වේ. මහරැජිණගේ අවමංගල්‍යයට සහභාගි වීමට එම රජයේ ආරාධනයෙන් බ්‍රිතාන්‍යයටද, ජපානයේ දීර්ඝතම කාලයක් අගමැතිවරයාව සිටි සහ ලංකාව ඇතුළු ලෝකයේ රටවල් අතර ආර්ථික සහයෝගිතාව මෙන්ම දේශපාලන මිත්‍රත්වයක් ගොඩනගාගෙන සිටි සින්සෝ අබේ හිටපු අගමැතිවරයාගේ රජ්‍ය අනුග්‍රහය මගින් වෙනත් රටවල නායකයින්ගේ සහභාගීත්වයෙන්ද පැවැත්වූ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා Asia Economic Forum වෙත තුන්වැනිව පිලිපීනයටත් සහභාගි විය. එම සෑම සහභාගි වීමක් තුළ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කළ අතර ජනාධිපතිවරයා සහභාගි වූ කිසිඳු සංචාරයක් ඔහුගේ පුද්ගලික සංචාර නොවේ. අතීතයේ, වර්තමයේ සහ අනාගතයේදීත් මෙවැනි ලෝකයේ ඕනෑම රටක එවැනි සහභාගිත්වයෙන් සිදුවේ... සමහර අවස්ථාවන්හිදී මෙවැනි ගෝලීය සමුළු ලංකාවේ පැවැත්වීමටද සිදුවනු ඇත...

:       0       1

chandima Friday, 14 October 2022 07:36 PM

මෙයාට ප්ලේන් උණක් තියෙන්නේ. පරණ ප්ලේන් එකක්වත් ඇදගෙන ඇවිත් ගේ ළඟ නවත්තලා තිබ්බා නම් පැය 24ම ඉඳගෙන ඉන්න. රටේ සල්ලි ඉතුරු කරගන්න තිබුණා...

:       4       11

චමින්ද Saturday, 15 October 2022 04:28 PM

චන්දිමෝ නුඹ මොන්ටිසෝරියකටවත් ගියේ නැද්ද?. එදාවේල කන්න ගෙදර මොකවත්ම නැතුව තියෙද්දී ගෙදරට වෙලා අතපය හකුලාගෙන හිටියාම හරිද? වැඩක් ඵලක් බැරිනම් හිඟමනක් හරි සොයන්න ගිහින් එන්න ඕනෑ..

:       0       0

විපරමා Friday, 14 October 2022 08:40 PM

පින් ජනපතියාට රවුම් ගහනවා හැරෙන්ඩ වෙන මොනවා කරන්නද?

:       3       13

ganegoda Friday, 14 October 2022 09:59 PM

අර ‘‘පිරමීඩයෙන් අතුරුදන් වූ සිරුර‘‘ ආපහු ඇවිල්ලා කියලා ඊජිප්තුවේ මිනිස්සු බයවෙලා..

:       0       0

Prabha Friday, 14 October 2022 10:52 PM

මමියක් කරලා තියාගන්න පුළුවන් නම් අපිට ලොකු උදව්වක්...

:       1       0

ලුම්බිණි Saturday, 15 October 2022 04:08 AM

නරකද පිටරටම උන්නා නම්...?

:       1       0

Perera Saturday, 15 October 2022 10:07 AM

වට වන්දනාවේ ගිහින් ඔය නඩේ ගමන් වියදම්, හෝටල් ගාස්තුවත් අඩුගානෙ ලබාගෙන තියෙනවද?

:       1       0

sena Saturday, 15 October 2022 10:43 AM

රටේ මිනිස්සුන්ට කන්න දෙයක් නැහැ. මෙයා ලෝකෙ වටේ රවුම් ගහනවා. සත පහක උදව්වක් නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site