IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනතාව අර්ථික ප්‍රශ්නවල අතරමං වෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව තමාට ලැබෙන මුදලින් කුසගින්න නිවාගන්නවාද ,ඖෂධ මිලදී ගන්නවාද නැතිනම් දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් වැයකරනවාද යන ආර්ථික ප්‍රශ්නවල අතරමං වී ඇතැයි ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ  සමිති සම්මේලනය සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත.

දිස්ත්‍රික්ක 11 ක පවුල් 2900 ක් ආශ්‍රයෙන් සිදුකළ මෙම සමීක්ෂණයේදී පවුල් 2900 න් සියයට 95 කට ආසන්න ප්‍රමාණයකට ශ්‍රී ලංකාවේ ආර්ථික අර් බුදය කුමන හෝ අයුරකින් බලපා ඇතැයි හෙළි වූ බව අයි.එෆ්.ආර්.සී සංවිධානය පෙන්වා දුන්නේය. 

උග්‍ර වන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට එල්ල වී ඇති බලපෑම් අතර ආහාර අනාරක්ෂිතභාවය, සෞඛ්‍යය පිළිබඳ ගැටළු , ජීවනෝපාය සහ පෝෂණය සම්බන්ධ ගැටළු ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව අයි.එෆ්.ආර්.සී සංවිධානය ප්‍රකාශ කළේය.

ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට නොමැති වීම, මිල අධික වීම සහ ලැබෙන අදායම අඩු වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවයට විශාල බලපෑමක් එල්ල වී ඇතැයි එම සමීක්ෂණයෙන් හෙළි වී ඇත. 

ඉහළ උද්ධමනය සහ ජීවනෝපායන් අහිමි වීම, වාර් තාගත ලෙස ඉහළ යන ජීවන වියදමට ශ්‍රී ලාංකිකයන්ට මුහුණදීමට ඇති හැකියාවට විශාල බලපෑමක් එල්ල කරන බව අයි.එෆ්.ආර්.සී සංවිධානය පෙන්වා දුන්නේය.

ජීවනෝපායන් අහිමි වීම සැලකිය යුතු ආහාර අනාරක්ෂිත භාවයක් ඇති කරන අතර ඉහළ යන උද්ධමනය හේතුවෙන් ඖෂධවල මිල ඉහළ යමින් පවතින බවත් ඉහළ ඉන්ධන පිරිවැය අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශ වීම වළක්වාලන බවත් අයි.එෆ්.ආර්.සී සංවිධානය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන උග්‍ර ආර් ථික අර් බුදයට මානුෂීය මැදිහත්වීමක් සිදු නොවූහොත් ඉන් ශ්‍රී ලාංකිකයන්ට දීර් ඝ කාලීන බලපෑමක් එල්ල විය හැකි බවත්  එම සමීක්ෂණ වාර් තාවේ සඳහන් වේ.



අදහස් (0)

ජනතාව අර්ථික ප්‍රශ්නවල අතරමං වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site