IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අවදානමක්

(ඩයනා උදයංගනී)

පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, කොළඹ සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම පවතින බව එම සංවිධානය සඳහන් කරයි.

විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට, පාලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයෑමේ දැඩි අවදානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.

මෙම අවදානමක් සහිත දිස්ත්‍රික්කයන්හි කඳු, බෑවුම් ආශ්‍රිතව සහ නායයෑමේ හැකියාවන් ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශයන්හි පදිංචි වී සිටින්නන් අවදානයෙන් සිටිය යුතු බව ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.



අදහස් (0)

දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1682 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site