IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වී වගා හෙක්ටයාරයකට දෙන යූරියා ප්‍රමාණය තීරණය කරයි

 

(අංජුල මහික වීරරත්න)

මහ කන්නයේ වී වගා කරන ගොවීන් සඳහා හෙක්ටයාර එකකට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් බැගින් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මහ කන්නය සඳහා ගොවීන්ට වගා ණය මුදල් පිරීනැමීමේ වැඩසටහනකට නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහ කන්නය සඳහා ගොවීන්ට වගා ණය නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් අද (14) දින ආරම්භ වූ අතර, අමාත්‍යවරයා අතින් ගොවීන් 10 දෙනෙකුට රුපියල් .50,000 බැගින් වගා ණය ලබාදීම සිදු කෙරිණි.

පසුගිය යල කන්නයේදී ගොවීන්ට වී වගාව සඳහා හෙක්ටයාර් 01 කට යූරියා පොහාර ලබාදෙන ලද්දේ කිලෝග්‍රෑම් 100 ක් වශයෙනි. නමුත් මෙවර මහ කන්නයේදී 70% ක් රසායනික පොහොර සහ 30% ක් කාබනික පොහොර වශයෙන් යෙදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කිරීම මත වී වගාව සඳහා ලබාදෙන යූරියා පොහොර ප්‍රමාණය යල කන්නයට වඩා කිලෝග්‍රෑම් 76 කින් ඉහළ ගොස් ඇත. කුඹුරු හෙක්ටයාර් 01 කට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් ලබාදෙන අතරම, හෙක්ටයාර් 01කට වඩා වැඩි කුඹුරු සඳහා ලබාදෙන යූරියා පොහොර ප්‍රමාණය ද ඉහළ යනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දැනට පොළොන්නරුව වැනි ගොවි ජනපදවල කුඹුරු හෙක්ටයාර් 02 ක් බැගින් එක් ගොවියෙකුට ලැබී තිබෙන නිසා ඔවුන්ට ලැබෙන යූරියා පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 352 ක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මාස් කන්නයේදී වී වගාවට අවශ්‍ය යූරියා පොහොර සහ MOP පොහොර අවශ්‍ය මොහොතේම ලබාදීමට කටයුතු යොදා ඇතැයි ද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.



අදහස් (1)

වී වගා හෙක්ටයාරයකට දෙන යූරියා ප්‍රමාණය තීරණය කරයි

ravin Friday, 14 October 2022 12:48 PM

දන්නේ නැති හින්දයි අහන්නේ. මෙතෙක් කල් පොහොර නිකුත් කරනු ලැබුයේ සීමාවන්ට යටත්ව නොවේද.?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site