IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තවත් ආයතන පහක ලොක්කෝ කෝප් කමිටුව හමුවට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තවත් ආයතන පහක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවීමට එම කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව ලංකා ධීවර සංස්ථාව,  විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහල යන ආයතනවල  ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ඉදිරි දිනවල කැඳවෙනු ඇත.

මේ අතර කෝප් කමිටුවේ ඉදිරි කටයුතු සඳහා විගණකාධිපතිවරයා  සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සක්‍රීයව දායක කර ගැනීමටද තීරණය කර ඇතැයි කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

විශේෂයෙන් ආයතන කැඳවීම, අනු කමිටු පත් කිරීම සහ පසුවිපරම් කිරීම  යන කරුණු සඳහා විගණකාධිපතිවරයාගේ  දායකත්වය ලබා ගැනීමටත් එකතු කළ හැකි ආයතන එකතු කිරීමටත් සුළුතර කොටස් ප්‍රමාණයක් ඇති  ආයතන 17ක් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ දායකත්වය ලබා ගැනිමටත් මෙහිදී තීරණය විය.

එස් පවර් ඇඹිලිපිටිය ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීමටද කමිටුව තීරණය කළේය.



අදහස් (1)

තවත් ආයතන පහක ලොක්කෝ කෝප් කමිටුව හමුවට

පුරවැසියෙක්..... Friday, 14 October 2022 04:40 PM

වැරදි සිදුකොට ඇති රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙතොත් ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිණිස යොමු කිරීමේ බලය කෝප් කමිටුවට ලබාදීමක් විය යුතුයි...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site