IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රීපාලට එරෙහි පාස්කු නඩුවට දින දෙයි

(නිමන්ති රණසිංහ) 

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව ලබන ජනවාරි 27 කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (14) නියෝග කළේය.

අභියාචනාධිකරණය විසින්  අද (14) දින සිට සති 10 කට එම නඩුව කල් තබන  ලෙසට නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයාට සිදු කරනු ලැබූ නියෝගයක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම  නියෝගය නිකුත් කළේය.

අධිකරණයෙන් නිකුත් කල නොතීසි ප්‍රකාරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොතීසි නිකුත් කළේ  ඉකුත්16 වැනිදාය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණී පියතුමා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙන්ම මෙම නියෝගය නිකුත් කළේය.



අදහස් (4)

මෛත්‍රීපාලට එරෙහි පාස්කු නඩුවට දින දෙයි

lal Friday, 14 October 2022 01:29 PM

ඔහුව අත්අඩංගුවට ගන්න...!

:       1       6

BamunuarachchiSunday, 16 October 2022 05:33 PM

ඇයි ඔයි හම්බ ක්‍රිස්තියානි අරගලවලට බෞද්ධයෝ අත්අඩංගුවට ගන්න කියන්නේ..? මොලේ මඤ්ඤං වෙලාද?

:       0       0

Nandalal DE SILVA - France Friday, 14 October 2022 02:14 PM

මොහුගේ විදේශ ගමන් බලපත්‍රය උසාවි භාරයට ගෙන, රටින් පැනයාම වළක්වා මේ අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම කාගෙත් සතුටට හේතුවනු ඇත...

:       1       4

Bishan Friday, 14 October 2022 02:30 PM

බෝම්බ ප්‍රහාරයට ලක්වුණු ජනතාවට යුක්තිය ඉටු කරනු... මහා මොලකරු බැසිල් අත්අඩංගුවට ගනු...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1681 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site