
(තිලකරත්න දිසානායක සහ කීර්ති ප්‍රනාන්දු)
දෙදිනක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අත්තනගලුඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් ගම්පහ සිට ජාඇල දක්වා ප්‍රදේශයන්හි පහත් බිම්වල පදිංචිකරුවන් විමසිලිමත් විය යුතු බව ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත මහතා දැනුම් දීමක් කරයි.
අද සවස ගම්පහ නගරයට ප්‍රවිශ්ඨවන මාර්ගය කිහිපයක්ම ජලයෙන් යටව පැවතීම හේතුවෙන් ගමනා ගමනයට බාධා සිදුව තිබූ ආකාරයක් දක්නට ලැබිණි.
අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාලකයෙහි ජල මට්ටම , ගංවතුර මට්ටමක නොපැවතිද පහළ ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු පිටාර ගැලීම මත පහත් බිම් ජලයෙන් යටවන බව වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.
මේ වනවිට අත්තනගලු ඔය ආශ්‍රිත ජල අමුණු 30 ක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර සිටියේ, අද උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙහි මෙල්කොපිවත්ත ප්‍රදේශයට මිලි මීටර් 121 ක් වන වැඩිම වර්ෂා පතනයක් ලැබී ඇති බවය.
දාගොන්න රණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ පිවිසුම් මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම පාසල අද(14) තාවකාලිකව වසා දැමූ බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා මහතා පවසයි .
දරු දැරියන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් විද්‍යාලයේ සියලුම ගුරුවරුන් හට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ට වාර්තා කරන ලෙස උපදෙස් දුන් බවද හෙතෙම පැවසීය .

2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙදිනක වැස්සෙන් ගම්පහ තැන තැන යටවේ