(එම් .සුසිල් ප්‍රියන්ත)
අහුන්ගල්ලේ දී ත්‍රිරෝද රථ රියැදුරාට වෙඩි තැබූ බව කියන පුද්ගලයා බලපිටිය බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්වී ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි.
ඇහුන්ගල්ලේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට ඊයේ(12 ) දහවල් වෙඩි තබා ඇත්තේ මොහු බවට තහවුරුවී ඇති බවද පොලිසිය කියයි.
වෙඩි වැදී මියගිය පුදගලයාගේ අනන්‍යතාව තවම තවුරුවී නැති බවද පොලිසිය කියයි.
අහුන්ගල්ල පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
වෙඩික්කරුවෙක් එස්.ටී.එෆ් වෙඩි පහරින් මරුට
Kumar (Gulf) Friday, 14 October 2022 01:20 AM
අපරාධකරුවන් සඳහා සම්මත විනිශ්චය.
Senarath Friday, 14 October 2022 09:06 AM
ත්‍රීරෝද රියදුරන්ට වෙබි තබා ඇත්තේ මොහු බවට සඳහන් කරනවා. ඒ වුණාට එයට පහළින් සඳහන් කරනවා මොහු කවුද කියලා තවම හඳුනා ගෙනෙ නැහැ කියලා. එතකොට පොලීසිය වෙඩි තැබුවේ මොකුත් නොදැනද?
චින්තක Friday, 14 October 2022 09:15 AM
ඔය විදිහට හරි මිනිමරුවන්ව නැති කරලා දමන්න.
sam Friday, 14 October 2022 09:40 AM
අහුන්ගල්ලේ වෙඩි තැබීම මේ පුද්ගලයා සිදුකල බව තහවුරු කලාලු. ඒ උනාට අනන්‍යතාවයවත් දන්නේ නැතිලු. මේ නාටක වල පිටපත් ලියන අය ගැන නම් කියලා වැඩක් නැහැ.
Bunny Preena Friday, 14 October 2022 02:10 PM
ඔවුන් යහසමාජයට පිළිලයක්... බුරුතු පිටින් විනාශ කළ යුතුයි. ඔවුනට ආරක්ෂාව දෙන යම් දේශපාලකයෝ සිටිත්ද ඔවුන්වද විනාශ කර දැමිය යුතුයි...!
sujeewar Friday, 14 October 2022 04:13 PM
ඔබට කිසියම් පුද්ගලයකු යම් දිනක යම් ස්ථානයක යම් සිදුවීමකදී දකින්නට ලැබෙනවා. ඔහු කල දේත් දකින්නට ලැබෙනවා. ඊට පසු දිනකදීද ඔබ ඔහුව කිසියම් හේතුවකින් දකින්නට ලැබෙනවා. ඔබට මතක් වෙකවා මේ අර එදා සිදුවීමේදී දුටු පුද්ගලයාමයි කියලා. එය තමයි හඳුනා ගැනීම. හැබැයි ඔහුගේ නම, කාගෙ කවුද කිසිම තොරතුරක් ඔබ දන්නේ නැහැ. ඒක තමයි අනන්‍යතාවය. විවේචන කරන්න කලින් දෙපාරක්අ බලලා අවබෝධ කරගන්න. පොලිසියේ ආරක්ෂක හමුදාවේ කාර්යයන් අවතක්සේරු කරන්න එපා. අඩුපාඩු ඇති. ඒත ඔවුන් නැත්නම් අපේ රට ඉස්සර චිකාගෝවක් වගේ වෙයි.