IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඊජිප්තු සමුළුවට චාල්ස් රජු එතැයි රනිල් බලාපොරොත්තුවෙන්

(අංජුල මහික වීරරත්න)

ඊජිප්තුවේ දී ලබන නොවැම්බර් 06 වනදා සිට 18 වැනිදා දක්වා ඊජිප්තුවේ පැවැත්වෙන COP 27 සමුළුවට තෙවන චාල්ස් රජු සහභාගී විම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තෙවන චාල්ස් රජු COP 27 සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇති බවට බකිංහැම් මාළිගය ඔක්තෝබර් 02වනදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

තෙවැනි චාල්ස් රජු දේශගුණික විර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා දීර්ඝකාලිනව පෙනී සිටි අයෙක් වන අතර පසුගිය වසරේ COP 26 සමුළුවේ සමාරම්භක දේශනය ද ඔහු විසින් සිදු කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශකවරයෙකු ලෙස හිටපු නෝර්විජියානු පරිසර අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා පත් කර තිබෙන අතර ලබන මාසයේ ඊජිප්තුවේ පැවැත්වීමට නියමිත Cop 27 සමුළුට ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිතය.

 



අදහස් (13)

ඊජිප්තු සමුළුවට චාල්ස් රජු එතැයි රනිල් බලාපොරොත්තුවෙන්

chandima Thursday, 13 October 2022 10:05 PM

අපරාදේ මේ වැඩෙන් අතට අත දීගන්නත් බැරුව යනවා.

:       2       8

Rexi Thursday, 13 October 2022 10:39 PM

වයසට යනකොට ඔලුව මංඤ්ඤං වෙලා. රටේ ප්‍රශ්න ගොඩක් තියනකොට මෙයාට වැදගත් වහල්ලු වගේ තාම රජ්ජුරුවන්ගේ පාදය ලෙව කන්න. රටේ ජානාධිපතිට පිස්සෙක් කියන්න මට පිස්සු නැහැ මම හිතන්නේ.

:       3       16

Rexi Thursday, 13 October 2022 10:57 PM

රටේ ලොකුම ප්‍රශ්නය? මට පිස්සු

:       3       13

Rexi Thursday, 13 October 2022 11:00 PM

ලොක්කට වැදගත් උනාට අපිට සත පහකට වැඩක් නැහැ.

:       3       8

Sagala Friday, 14 October 2022 05:03 AM

රනිල්ට චාල්ස් රජු ගැන මොනවද අදහසක් ඇතිවෙලා.

:       2       15

මෝවා Friday, 14 October 2022 06:39 AM

උපදේශක යන් ශ්‍රී ලාංකිකයින් පත් කරන්න බැරි ඇයි. පිට රැටියන්ට ගෙවන්න අපට ඩොලර් තියෙනවා ද

:       1       7

නිමේෂ් Friday, 14 October 2022 07:11 AM

ඔන්න අපේ මේ බංකොලොත් රටේ තවත් ඩොලර් ටිකක් නාස්තිකරලා රටට මේ අවස්ථාවේ කසිම වැඩකට නැති සමුළුවකට සහබගිවෙන්න රනිල් හාමු ආයෙමත් යන්න හදන්නේ . රටේ මිනිස්සු ඉන්න ප්‍රශ්න ගැන මේ මනුස්සයට කිසිම ගානක් නැහැ

:       2       9

Bamunuarachchi Friday, 14 October 2022 07:41 AM

චාල්ස් රජුටත් උපදේශක ජොබ් එකක් ලැබෙන්නයි යන්නේ. කාටද ආඩම්බර? අරගල කාරයින්ට මිසක්.

:       9       7

Sas Friday, 14 October 2022 10:35 AM

රනිල්ට මහජන මුදලින් පිටරට සවාරි යන්න හරි ආසයි. බලාගෙන ඉන්නෙ අවස්ථාවක් ලැබෙන කමි.

:       2       6

Asanga Friday, 14 October 2022 11:07 AM

මේ වගේ කෙනෙක් දැක්කේ නැහැ මමනම්, රටට මෙහෙම වුනේ මේ අය නිසා.

:       1       4

කිරි පුතා Friday, 14 October 2022 11:10 AM

එයා ආවෙ නැති වුණොත් මෙයාට දුක හිතිලා ටයි පටියත් ගළවලා දායිද දන්නෙ නෑ. ගැති කම කිව්වට මේ තරම්ම කුජීත ගැතිකමක් නම් කොහේවත් නැතිව ඇති. ඉතින් රටක් ස්වාධීනව නැගිට්ටවයිද ?

:       1       5

pakeer Friday, 14 October 2022 12:16 PM

රනිල් ඉන්නවා ඇත්තේ දුක කියලා කියියක් හරි ඉල්ලගන්න. අඩු ගානේ මේක එංගලන්තෙට ආයෙත් දෙන්නවත් ප්ලෑනක් ගැහුවොත් පිං.

:       0       3

BamunuarachchiSaturday, 15 October 2022 06:44 PM

සල්ලි එක්ක දුන්නත් එංගලන්තේ නැවත මේ රට බාර ගන්නේ නැහැ. මේ රටේ ක්‍රීම් එකට ලෝකේ අනික් රටවල දොර ඇරලා තිබෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site