(ඉන්දිකා රාමනායක)

 වාලච්චේන තෝරාවේලි කැලෑ බඳ ප්‍රදේශයේ සඟවා තිබු ටී 56 ගිනිඅවියක් හා එම උණ්ඩ 8 ක් විශේෂ කාර්ය බලකාය විසින්  ඊයේ (12) සවස 6.30 ට පමණ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.

 මෙම  ගිනි අවිය සම්බන්ධයෙන්  කලවංචිකුඩි   විශේෂ කාර්ය බලකා කඳවුරට ලද බුද්ධි තොරතුරකට අනුව  එම භට පිරිස් විසින්  මෙම ගිනි අවිය  සොයාගෙන ඇත.

 කිසිවකු විසින් අපරාධ සිදුකිරීම සදහා මෙම ගිනි අවිය හා උණ්ඩ සගවා තබන්නට ඇති බවට විශේෂ කාර්ය බලකාය සැකකරුයි.