(යොහාන් භාසුර)

පොල්ගහවෙල සහ අලව්ව දුම්රිය ස්ථාන අතර පිහිටි යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සඳහා අඹේපුස්ස - ත්‍රිකුණාමලය මාර්ගය හෙට (14) සිට 16 වෙනිදා දක්වා වරින්වර වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට (14) පෙරවරු 7.00 සිට පස්වරු 4:30 දක්වා ද, 15 වැනිදා පෙරවරු 7.00 සිට පෙරවරු 10.00 දක්වා සහ පස්වරු 2.00 සිට පස්වරු 4:30 දක්වා ද, 16 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා සම්පූර්ණ වශයෙන් ද, එම මාර්ගය වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.