(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
උපතින් දෑත් හා දෙපා ඇතුළුව ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසු වෙද්දී ඉකුත් වසරේ අ පො.ස.සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ 9 ක් ගෙන විභාගය ඉහලින් සමත් වු දික්වැල්ල බඹරැන්ද සද්ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දෙව්මි රන්සරා රාජපක්ෂ (17) දිරිය දියණිය මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියාය.
අ.පො.ස.උසස් පෙළ වාණිජ විෂය ධාරාව හදාරමින් සිටි ඇය වරින් වර ඇති වන සෙම් රෝගී තත්වය උත්සන්න වී රෝහල් ගත කර සිටියාය.
නිව්මෝනියාව වැලදී ඇය මිය ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
වසර 100 කට වඩා ඉතිහාසයක් ඇති සද්ධර්මරාජ විද්‍යාලයේ එදා මෙදා තුර සාමාන්‍ය පෙළ විශිෂ්ඨතම ප්‍රතිඵලය වාර්තා කර ඇත්තේ එම දැරිය වන අතර ඇය වාණිජ විෂය ධාරාව හැදෑරීමට තීරණය කිරීම නිසාම එම පාසලේ වාණිජ විෂය ධාරාව ඇරඹීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කලේය.
කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ ජයග්‍රහණයෙන් අනතුරුව ඇය ප්‍රකාශ කළේ තම ජීවිතය පිළිබඳව ලොකු බලාපොරොත්තු නොමැති නිසා උසස් පෙළ ඉහලින් සමත් වීමට අපේක්ෂා කරන බවත් ඉන් අනතුරුව ඊ ලග බලාපොරොත්තුව පිළිබඳව සිතන බවත්ය.
ශරීරයේ ඉගටියෙන් පහල කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික දෑත් ද ආබාධිත තත්වයේ පසුවන එම දියණියට යන්තමින් පෑන හසුරුවාලීමේ හැකියාව පැවතුණි.ඇය පාසල් රැගෙන ඒම හා යාම මාපියන් සිදු කලේ වඩා ගෙනය.
මියගිය දැරියගේ අවසන් කටයුතු දික්වැල්ල රත්මලේ පවුලේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිරිය දියණියට නිවන් සුව පතමු..!
ඔබට නිවන් සුව...! උපදින කිසිම ආත්මයක මෙවන් දුකක් නොවේවා..!
දුවේ නුඹ ඉපදෙන මතු භවයක අංග සම්පූර්ණ මිනිස් ආත්මයක් ලැබීමට හේතු වාසනා වේවා... උපදින කිසිම ආත්මයක මෙවන් අකල් වියෝවක් නොමවේවා..! අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා ඉතසිතින් පතමි.
දුවේ ඔබට නිවන්සුව ලැබේවා.! උපදින හැම භවයකදීම නිදුක් නිරෝගීමත් බුද්ධිමත් මිනිස් ආත්මයක් ලැබේවා.!
මේ දෙමව්පියන් කර ඇත්තේ අසීමිත කැපකිරීමක්. ඒ නිසා මෙම දරුවා මෙලොවදී ලැබිය හැකි උපරිම සතුට ප්‍රශංසාව ලැබීමට වාසනාවන්ත උනා.
දුවේ උපදින හැම භවයක උතුම් අජරාමර නිවනින් සැනසේවා.!