(මුදිතා දයානන්ද)
විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදිමේ ව්‍යාපෘතිය වසර 16 තිස්සේ අවසන් කරන්නට අසමත් වුවද ඒ සඳහා රුපියල් කෝටි 266න් වියදම් කර ඇතැයි විගණකාධිති දෙපාර්තමේන්තුව පවසයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනයකින් මේ බව අනාවරණයවි තිබේ.
එම වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුව කෝටි අටසීයකි. මෙම ව්‍යාපෘතිය හඳුන්වාදි තිබෙන්නේ 2006 වසරේදීය.
එහෙත් තවමත් එය අවසන් අදියර දක්වා ප්‍රගතියක් අත්පත් කරගෙන නැත.
ව්‍යාපෘතියේ කාලය අනවශ්‍ය ලෙස දිර්ඝ වීම හේතුවෙන් විදුලිය හා ජලය වෙනුවෙන් වෙන් කර තිබෙන ප්‍රතිපාදන ඉක්මවා සියයට 894ක් වැඩියෙන් වියදම් කර ඇත.
ව්‍යාපෘතියෙන් කිසිදු මුදලක් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන්කර නැතත් ව්‍යාපෘතියට වාහන දෙකක් මිලදි ගැනීම වෙනුවෙන් එක්කෝටි අනුතුන් ලක්ෂයක් වියදම් කර තිබේ.
එසේම 2017 වසරේ සිට 2021 දක්වා කාර්ය මණ්ඩලය විසිනවයක් වෙනුවෙන් සේවක වැටුප් හා දීමනා කෝටි අටක්ද ඇතුලුව පාරිපාලන වියදම් ලෙස කෝටි විස්සක් වැය කර තිබේ.
ව්‍යාපෘතියෙහි ප්‍රධාන කාර්යයන් දෙකක් වන භෞතික යටිතල පහසුකම් සංවර්ධනය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් කෝටි 111ක් වැය කර ඇතත් පුද්ගල දත්ත ඩිජිටල්කරණයේ භෞතික ප්‍රගතියක් මේ දක්වා අත්පත් කරගෙන නැති බවද එම මුල්‍ය ප්‍රකාශනයේ සඳහන් වේ.
මානව සම්පත් හා පුහුණු වැඩසටහන් වෙනුවෙන් නිලධාරින් හතර දෙනකු බඳවාගෙන පසුගිය වසරේ මාස අටකදී ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් 817,530ක් වැය කර ඇතත් වසර අවසන් වන තෙක් කිසිදු පුහුණු වැඩසටහනක් සිදුකර නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම නිලධාරින් බඳවාගෙන තිබෙන්නේ එම පුහුණුවට අදාල කාර්යය සඳහා තොරතුරු තාක්ෂණ ආයතනය කිසිදු උපාංගයක් ලබාදි නොතිබියදී බවද එහි සඳහන් වේ.
මේම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසිමකදි හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව් අධ්‍යක්ෂක ජෙනරාල් වියනි ගුණසේකර මහතා සඳහන් කළේ විවිධ හේතු මත මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වූ බවය.
මෙම ව්‍යෘපෘතිය 2019 වසරේදි ශ්‍රි ලංකා යුනික්ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ලෙස වෙනස් වි කාර්යක්ෂමව ඉදිරියට ගිය නමුත් පසුව විටින් විට සිදුවු කැබිනට් සංශෝධන නිසා එය යම් අඩාලත්වයකට පත්වු බවද මේ වන විට එය කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කෙරෙමින් පවතින බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විද්‍යුත් ජාතික හැදුනුම්පත හදන වැඩේ ඉතිහාසයට එක්වුන හා එක්වෙන කතාවක්. අවුරුදු ගනනාවක් තිස්සේ කරන්න බැලුවත් බැරිවුනේ ව්‍යපෘති කළමනාකරණයේ වරදින්. හරියට ව්‍යපෘති කළමනාකරණ හරියට කළානම් යම්තාක් දුරට හෝ යමක් කළ හැකිව තිබුනා. ලොකු ලොකු නම් තියෙන ලොකු ලොකු නිලධාරීන් කීදෙනෙක්නම් කාලේ කා දැම්මද. තවමත් මේ වැඩේ අසාර්ථක කළ ව්‍යපෘති අධ්‍යක්ෂලා, චීෆ්ලා හා නිලධාරීන් මේක භාරව ඉන්නතාක් කල් මේ වැඩේට හෙනහුරා තමයි. මේ අයට වැඩ බෑ. කතාවෙන් විද්‍යුත් ජාතික හැදුනුම්පත හදන අය. අතිගරු ජනාධිපතිතුමා මේ ගැන සොයාබලනවා ඇතැයි විශ්වාසයක් තබා ගත හැකිය.
පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව හෝ රජයේ වෙනත් ආයතන නව පද්ධතියක්යටතට හෝ ව්‍යාපෘතිය හඳුන්වාදිමේදී IT සම්බන්ද පුළුල් දැනුමක් සහිත අවංක පුදගලයන් සම්බන්දවීම සහ අදිකාශනය යටතේ සියල්ල සිදුවිය යුතුම වේ. එසේ නොවුන හොත් ඉතාම කුප්‍රකට ආකාරයට ගනු දෙනු සිදුවේ. එම ආයතනයේ ඉහල නිලදාරීන් පවා නොදැනුවත්ව ඉතාම සුක්ෂම ආකාරයට මුදල් යත ගනු දෙනු සිදුකිරීමට හැකියාවක් පවතී. සමහර අවස්ත්වන්හි දී රජයේ මුදල් යොදවා ඔවුන්ගේ පුගලික ව්‍යාපෘති කිරීමට පවා හැකියාවක් ඇත. එමනිසා රජයේ IT සමබන්ද දැනුවත් පුද්ගලයන් ගේ අදිකාශනය යටතේ සියල්ල සිදුවිය යුතුම වේ.
රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණය හා වංචාව පිටුදැකීම සඳහා පලමු කොටම පරීක්ෂා කෙරෙන යානුත්‍රණයද නියාමනය වන අභ්‍යන්තර පාලනයකට යටත් කල හැකි යන්ත්‍රණයක් ඇතිකිරීම මේ රට අනාගත දරුවන් වෙනුවෙන් කලයුතු වටිනා වැඩපිළිවලකි මේ සඳහා දූෂිත රජයේ නිලධාරීන් හා ඒ සඳහා අනුග්‍රහය දක්වන දේශපාලුවන් කිසිසේත්ම මෙවැනි වැඩසටහනකට ඉඩ දෙන්නේ නැත. අහෝ අපේ රටට වී ඇති දෙයක්.
මෙ විගනනයෙන් හෙලි වෙච්ච පලමු හො අවසන් රජයෙ මුදල් මංකොල්ල කෑම නොවන බවත් කරුනාවෙන් සලකන්නෙ.. ඒ් වගෙම මෙ වගෙ තුච්ච නින්දිත හොරකම් දවසට 10 ගානෙ හෙලිදරව් කලත් ගන්න කිසිම නිතිමය පියවරක් හෝ දඩුවම් ලැබු අයෙක් හෝ සොරකම් කල මුදල් ආපසු අය කර ගැනීමක්ද මෙ කපේ සිදු නොවන බවත් එම කරුනාවෙන්ම සලකන්න.. මෙ රට මෙච්චර ආර්තික අඝාධයකට වැටෙන්න මෙ හොරකම් වල විශල දායකත්වයක් ඇති නමුත් මෙවයින් පාලකයන්ගෙ සාක්කු වලටත් යමක් කමක් රිංගවන ලද හෙයින් මෙව අපට හපන්න දෙන චුවින්ගම් බවට පත් විම හැර වෙනත් කිසිම තාලෙක නිවැරදි කිරිමකට යොමු නොවන බවත් එම කරුනාවෙන්ම සලකන්න ප්ලීස්..
ඉතා නවීන රියදුරු බලපත්‍ර ,හැඳුනුම් පත් හඳුන්වා දුන්නට වැඩක් නැත.ඒවා නිකුත් කරන ආයතන වල සේවකයෝ හොරු නම් ඒවා නිකුත් කරන්න විශාල මුදලක් හා කාලයක් ගත වෙනවා නම්,ජනතාව මේවා ගන්න දවස් 2-3 පෝල්ම් වල රස්තියාදු වෙන්න ඕනේ නම්
රාජ්‍ය තන්ත්‍රය තුළින් මේ දක්වා නිකුත් වී ඇති සෑම වර්ග වලටම අයත් හැඳුනුම්පතකම තැවරී ඇත්තේ ඉතාමත්ම සුපිරිසුදු අසූචිය...