
(අංජුල මහික වීරරත්න)
ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
"එක්ව නැගිටිමු " තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
75 වන නිදහස් දින සමරු උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලාගේ ඔය ජාතිමාමක තේමාවන් අහලා අහලා ඇති වෙලා තියෙන්නේ දැන්...
කොටි එහෙම හුරතල් කරන්න ලෑස්ති වෙන එකක් නැතිවෙයි කියලා හිතනවා.
එක්ව නැගිටිමු කියන්නේ පොහොට්ටු කල්ලිය නැවතත් බලයට ගෙනෙන වැඩක් කියලා පසුගිය දිනක මයිනා කියලා තිබුණේ කළුතරදී...!
මහින්දව අල්ලගෙන නැගිටින්න උදව් කරන්න...
අවුරුදු හැත්තෑ හතරක් නිදාගෙනෙ ඉදල දැන් නැගිටින්න හදනව.
රටට ආදරේ කරන ජනතාවනම් මෙයාලාගේ මේ නාඩගම ප්රතික්ෂේප කරන්න ඕන.කවුරුත් යන්න එපා #රනිල්ගේ නිදහස් දින සැමරුම වර්ජනය කරන්න
අපේ අත්තගේ මුත්තාගේ කාලේ ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්න රනිල් එදා වගේම තවමත් මිනිසුන්ට එක්ව නැගිටින්න අඬගහනවා
එක්ව නැගිටින්ඩ ඕනෙම නම් පොහොට්ටුවෙ දූෂිත දේසපාලුවෝ සෙට් එකම ඉන්නේ ? වසර 74 ක් තිස්සේ දූෂිත බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවෝ කෙරුවේ මාරුවෙන් මාරුවට ජනතාව රවට්ටපු එක. රටම හොරාකාලා කාබාසීනියා කරපු එක. එක්ව නැගිටින එකත් ඔය කියන තරම් ලෙහෙසි වෙන එකක් නැහැ .
තනිව හොරාකමු, එක්ව නැගිටිමු.
ජනතාවගේ තේමාව විය යුත්තේ 'හොරු ටික පන්නමු'
අපුරු තේමාව. ඔතන කීයෙන් කී දෙනාටද තනියෙන් නැගිටින්න පුළුවන් හරියට...
කරුණාකර විශාල හමුදා සංදර්ශන වලට සල්ලි නාස්ති කරන්න එපා.
එක්ව දීමනා වැඩි කරගමු, එක්ව පෙට්රෝල් දීමනාව වැඩි කරගමු, එක්ව ඇමති මණ්ඩලේ වැඩි කර ගමු. එක්ව ජනතාවගේ පඩියත් හූරන් කාල ඒකෙන් ආතල් ගමු යකෝ මිනිස්සුන්ගෙන් බදු පිට බදු ගහල සල්ලි එකතු කරගෙන ,ඒවා කාබාසිනියා කරන්න නටන නාඩගම් ටික නවත්තපල්ලා. නැතිනම් මිනිස්සු ආයෙත් ගාහනවා ෂුවර්
තොපිත් එක්ක නැගිටිනවට වඩා හොදයි බඩකපාගෙන මැරෙන එක