(යොහාන් භාසුර)
සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගතනොවන ලෙසත් සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා පිටත්කර හරින වංචාකරුවන් පිළිබඳව තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට දන්වන ලෙසත් එම කාර්යාංශය දැනුම් දෙයි.
මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයින් රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් ලබාගන්නා බවට සහ සංචාරක වීසා මත පුද්ගලයින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගතකරන බවට තොරතුරු ලැබී ඇති බවත් සංචාරක වීසා මගින් රැකියා සඳහා මැලේසියාවට නොයන ලෙස සහ මැලේසියාවට ඇතුළු වූ පසු කිසිසේත් රැකියා වීසාපත්වලට මාරු කරගත නොහැකි බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එවැනි වංචා සම්බන්ධයෙන් තොරතුරු තිබේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 0112864241 දුකරථනයට හෝ 0112864118 යන ෆැක්ස් අංකයට හෝ [email protected] ඊමේල් ලිපිනය හෝ තොරතුරු යොමු කරන ලෙස ද එම කාර්යාංශය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd