
(ඉන්දිකා රාමනායක)
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යාමෙන් පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තිළිණි ප්‍රියමාලි නමැති සැකකාරිය ස්ථානීය පරීක්ෂණ සදහා අද (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථාන ඇතුලු ස්ථාන 4ට රැගෙන ගිය බව පොලිස ආරංචි මාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් විශේෂ නියෝගයක් මත විමර්ශන කටයුත්තක් සඳහා ඇයව මෙලෙස ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබේ.
අපරාධ පරීත්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අද පෙරවරුවේ ඇය බන්ධනාගාරයෙන් රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
රුපියල් කෝටි 250 ට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ නන්ගි... ආයුධ එහෙම ගත්තේ නෑ නේද ඔය සල්ලිවලින්? අපිට පරණ තිර නාටක ආයෙමත් රඟපාලා පෙන්නන්න එපා...
පුළුවන් නම් පිනක් දහමක් කරගන්න රජ පවුලම මට්ටු කරලා දාන්න..
ප්‍රියමාලි බන්ධනාගාරය ඇතුළට ගියා විතරයි මොබයිල් ෆෝන් ලැබුණා. බන්ධනාගාරයට යන ඕනෑම වරද කරුවෙක්ට මාංචු දානවා... උසාවියේ ඉඳලා හිරගෙට යනකම්ම... ඒත් ප්‍රියමාලිගේ මාංචු දාලා එක්කරගෙන යනවා ඔබලා දුටුවාද..? මෙතන විශේෂත්වය තමයි බලන්නකෝ හිරේ ඉඳලා යන ප්‍රියමාලි මූණට ලස්සනට මේකප් දාලා තොල් පාට කරගෙන හිරේට ඇතුල් කරපු දවසේ ඉඳලා තිබුණු විදියටම කොණ්ඩය ලස්සනට දාගෙන ඇවිදින ආකාරය කිසිම බියක් නැතිව.! එතකොට ඔය මිලියන මුදල් ගාණ බහිරවයාද ගත්තේ විල්පත්තුව පැත්තේ..? හා කියමු බලන්න..!!
ඒ දැරිවියට කිසිම දෙයක් වෙන්නේ නෑ... අන්තිමේදී සල්ලි දාපු අය වැරැදි කාරයින් වෙලා ඇයව නිදොස් කොට නිදහස් වෙයි...
සක්විති දැන් එළියට ඇවිත් ආයෙත් ඉංග්‍රීසි උගන්වනවා. මේ දෙවැනි සක්විති. හරි හමන් නීතියක් නැති රටක එක්කෝ මිනිසුන් දැනගන්න එපැයිි සල්ලි පරිස්සම් කරගන්න. හැබැයි ඉතින් ලියාපදිංචි බැංකුවල දාන්න බැරි සල්ලි වෙන්න ඇති මෙව්වාට දන් දුන්නේ. දැන් ඉතින් එච්චරයි...
දැන් මිනිස්සුන්ට අරගලය අමතකයි. ලයිට් බිල්, කරන්ට් කපන එක සේරම අමතකයි මේ තිළිණි නිසා... රනිල් රාජපක්ෂගේ අමුතු නාට්‍යයක්...
එක රටක්, නීතී හැට හුටා මාරක්. මේක බැදුම් කර අංක 2...
මෙතන වංචාවකට වැඩිය පෙන්නුම් කරන්නේ ලිංගික අසහනයක්
ඔක්කොම ලොකු ලොක්කෝ අට පාස් ගැහැණු කෙනෙකුගේ ගැටේට අහු වෙලා. මේ රට දුප්පත් රටක් කියන්නේ බොරු.
ඉතින් එක්කන් ගිහින් ස්ථාන පරීක්ෂාවක් කලාද.? අප්සට් එකක් නැහැ නේද.?
රජ පවුලට ගෑවිලා ඇති. නැතිව ඔය විදිහට සල්ලි කොල්ලකන එක කරන්න බෑ. අනික මහ ප්‍රසිද්ධියේ. බැඳුම්කර නඩුවට දෙවෙනි නෑ වගේ. ඔය බේබි නිදහස්ව අත වනාගෙන යයි.....
මෙයාට මොකද මාංචු දාන්නේ නැත්තේ කියන එක මට හරිම ලොකු ප්‍රශ්නයක්.
මේක තනිකර ටෙලියක්, මාධ්‍ය දැන හෝ නොදැන ටෙලිය හිට් කිරීමට දායක වෙමින් සිටී. මෙය සාමාන්‍ය ජනතාවට බල නොපාන පුවතක් නිසා මේ ගැන නිතිපතා යාවත්කාලීන කිරීම අවශ්‍ය නොවේ.