(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉලංගකෝන් මැණිකේ)
නව හැවිරිදි දැරියකට මිරිස් සහ ගම්මිරිස් මිශ්‍ර වතුර පොවා, පහර දී පුලුස්සා, ගෙල මිරිකා කෲර වධ හිංසාවට ලක් කළ 29 හැවිරිදි කාන්තාව දින 14ක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
අත්අඩංගුවට ගත් කාන්තාව දැරියගේ පියාගේ දෙවැනි බිරිඳ ( කුඩම්මා) බව පොලිසිය අධිකණයට දැන්වීය. මෙසේ රිමාන්ඩ් බාරයට පත්වූයේ නදීකා ප්‍රියදර්ශනී නමැති කාන්තාවකි.
කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි කඩුවෙල ප්‍රදේශයේම කනිෂ්ඨ විද්‍යාලයක 4 වන වසරේ ඉගෙනුම ලබන දැරිය ඇයට වන වධහිංසාව පිළිබඳ විද්‍යාලයේ ආහාර පිසින කාන්තාවට පැවසීමෙන් අනතුරුව ඇය විසින් පන්ති භාර ගුරු මහත්මියට කරන ලද දැනුම්දීමක් අනුව විදුහල්පතිනිය දැරිය සමග පොලිසියට පැමිණ කළ පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා පැවසීය.
දැරියගේ මව ඇය පෙර පාසල් යන අවධියේ දී දැරිය පියා සමග තනිකර නිවසින් පිටව ගොස් ඇති බවත් දැරියගේ පියා මීට වසර දෙකකට පමණ ඉහත දී මෙම කාන්තාව නිවසට කැඳවාගෙන පැමිණ ඇති බව ඇයට ඒ වන විට පෙර විවාහයේ පුරුෂයාගෙන් පිරිමි දරුවකු ද (දැන් වයස හයයි) සිට ඇති බවත් පොලිසිය කියයි.
සැකකාර කාන්තාව විසින් අලුයම හතරට අවදි කරවනු ලබන දැරිය ලවා පොල් ගාවා ගැනීම, එළවළු කප්පවා ගැනීම, වළං සෝදවා ගැනීම, එම කාන්තාවගේ සහ ඇයගේ දරුවාගේ රෙදි සෝදවා ගැනීම ඇතුළු වැඩපළ රාශියක් කරගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි.
ඇයගේ යම් වැඩක් අතපසු වුවහොත් දැරියට පහර දී ඇති අතර වරෙක මෝල් ගසකින් ද පහර දී ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.
සැකකාරිය ඉකුත් සඳුදා (10) දැරිය බිම දමා කකුල් පාගා බඩ ප්‍රදේශයට දණ හිසෙන් පහර දී ඇතැයි ද අනතුරුව සැකකාරිය දැරිය අමතා එය කිසිවකුට හෝ පැවසුවොත් ”තෝ මරා දින දාහතරකට හිරේ යනවා” යැයි මරණීය තර්ජන කළ බව ද දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරිනියක පැවසුවාය.
සැකකාරිය ඇයගේ දරුවා සමග ඇඳක නිදා ගන්නා අතර දැරියට කැඩුණු පැදුරක් දී ඇතැයිද, නිවස තුළ වූ නාන කාමරයෙන් දියනෑම දැරියට තහනම් කර ඇති අතර නිවස පිටුපස තිබෙන වැසිකිළිය තුළ සවි කර තිබෙන ජල කරාමයෙන් දැරියට දිය නෑම සඳහා අණ කර ඇතැයි දැරියගේ ප්‍රකාශයකින් වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිස් නිලධාරිනිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාටත් මිරිස් ගම්මිරිස් පොවන්න රහ තේරෙන්න
මේ තරම් දේවල් වෙනව නම් ගමේ අහල පහල අය නොදැන සිටියා ද? ග්‍රාම නිලධාරි කෙනෙක් මේ ගමට නැද්ද ?
දෙමාපියන්ගේ එක් අයකු හෝ නොමැති සියලුම ළමයි පරිවාස අධීක්ෂණයට ලක් කල යුතුයි.
මෙහෙමත් කුඩම්මල. එයාගේ දරුවා මේවා බලාගෙන ඉඳලා ඔය විදියට තමයි හැදෙන්නේ.... දුව ඔයාට වාසනාවන්ත අනාගතයක්. දෙමව්පියන්ගේ ප්‍රශ්න නිසා දරුවෝ මොනතරම් අසරණ වෙනවද. මේ දරුවාගේ තාත්තා මේවා දාන්නේ නැතිව ඇති.
මේ දරුවට කොහොම හරි උදව් කරනවා. සම්බන්ධ කරගන්න විදිහක් හදලා දෙන්න.
කරුණාකර මෙවැනි දෙමාපියන්ට කිසිම සමාවක් දෙන්න එපා, කරුණාකර ඒ කුඩා දියණියට උදව් කරන්න. පුංචි දුව ඔයාට බුදු සරණයි.
මෙහෙමද මේ දූපතේ කුඩම්මලා දරුවෝ රකින්නේ.
අඩු ගානෙ මේ දරුවගේ තාත්තා අහක බලන් හිටියද බයේ හිටියා ද.
තාත්ත පිරිමියෙක්ද තමාගේම දුවට වධ දෙනකන් බලාගෙන ඉන්න.
පිට කොන්දක් නැද්ද දුවව බේරගන්න, පුදුම පියවරු.
අනිවාර්යෙන්ම දඩුවමක් දිය යුතුය.
මෙම කෙනා කොහොමද මේ වගේ පොඩි දරුවෙකුට මේ වගේ කෘෘර දඬුවම් දුන්නේ.?
මේ තාත්තා මෙම ගැහැණු කෙනා හිරේ ගියාම තවත් කසාදයක් කර ගනී ආයෙත් ළමයින්ට කරදර.
තාත්තාවත් පොලීසි උසාවි ගෙන්වන්න තියෙන්නෙ