(යොහාන් භාසුර)
ගාලුමුවදොර පැවැති උද්ඝෝෂණයකට දරුවන් සහභාගි කරවීම සහ එම අවස්ථාවේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් විරෝධතා සඳහා දරුවන් සභාගිකරවීම පිළිබඳව සමාජය කතිකාවක් ආරම්භ වී ඇතැයි සමාජ ක්‍රියාකාරිනියක් වන නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවෙල සමාජ ආරක්ෂණ අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ලිඛිතව දන්වා ඇත.
ඒ පිළිබඳව අවධානය යොමු කර ළමා ආරක්ෂණ අධිකාරිය දරුවන්ගේ අයිතිවාසිකම් සහ දරුවාගේ ආරක්ෂාව පිළිබඳව වැඩිහිටියන්ගේ වගකීම පිළිබඳව සමාජය දැනුවත් කිරීම හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් ක්‍රියාත්මක කළ යුතු බව මන්ත්‍රිනී ශර්මිලා ගෝනවෙල සමාජ ආරක්ෂණ අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
වගකිවයුතු මව්පියන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගත යුතු දේ දිනාගැනීම සඳහා නොදරුවන් හෝ ඡන්ද හිමිකාරිත්වය නැති දරුවන් යොදාගැනීම අනුමත කිරීම හෝ අනුබලදීම නොකළ යුතු බවත් එමගින් දරුවන් ශාරීරික සහ මානසික හිංසනයට පත්වන බවත් ඇය ලිපියෙන් ප්‍රකාශ කරන්නීය.
වර්තමානයේ උද්ඝෝෂණ, අරගල, පිකටින්, විරෝධතා, සැමරුම් හෝ වෙනත් කුමන නමකින් හෝ පෙනී හිදිමින් ඇතමුන් දරුවන් ආරක්ෂක අංශ ලබා ශාරීරික සහ මානසික හිංසාවට පත්කිරීමට ඉදිරියට යොමුකර අරමුණු ළගාකරගැනීමට උත්සහ කරන බව කියන ශර්මිලා ගෝනවෙල කලකට ඉහතදී උතුරේ ත්රස්තවාදීන් දරුවන් තුළ උපක්රහශීලීව වෛරය සහ ක්‍රෝධය වපුරුවමින් අවසානයේ දරුවන් සයනයිට් කරල ගෙළ පළදින තත්වයට පත්කළ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ පොහොට්ටු අයට එක පාරටම පොඩි ළමයින්ව මතක්වෙලා තියෙන්නේ , දරුවන්ව සාමකාමී උත්ඝෝෂණ වලට අරන් අම්මල ලෝකේ හැම රටකම එනවා , නමුත් ඒ රටවල පොලිසිය ලංකාවේ වගේ තිරිසන් විදිහට ළමයින්ටයි අම්මලට පහරදෙන්නේ නැහැ , අනික මේ පොහොට්ටුවෝ ටික බබාල වගේ හැසිරුනට අද මුළු ලෝකෙම දනනවා ඔවුන්ගේ වැඩ නිසා ලංකාවේ ළමයින්ට අත්වෙලා තියන ඉරණම
දරුවන් කන්න නැතිව බඩගින්නේ වැටෙන එකට දුක නැද්ද.
මන්දපෝෂණය සහ ගරාවැටී තියන අධ්‍යපනය වෙනුවෙන් ශ්‍රී ලන්කාවාසී සියලු දරුදැරියන්ට සියලු මංමාවත්වල උද්ගෝශන හා පෙලපාලිවල නිරත වීමට අවසර ඇත ! ! ! කියල කියන්නෙ " ලෝක ලමා සංරක්ශන සංගමය "
දරුවන්ට ඕන විදිහට සමිති සමාගම් පිහිටවා ගැනීමට සහ තමන්ගේ දුක් කම් කටොලු කරදර ගැන කතා බහ කිරීමට අවසර ඇත.
දරුවන්ව සාමකාමී උත්ඝෝෂණ වලට අරන් අම්මල ලෝකේ හැම රටකම එනවා. අම්මල දරුවෝ අරගෙන කුඹුරේ වැඩට යනවා. මොකද්ද ප්‍රශ්නේ?
රනිල්ට හපන්න අලුත් චුවින්ගම් එකක් හොයගෙන තියෙන්නෙ.. කෙරුවව කෙසේ වෙතත් කයිවාරු මුහන්ඩිරම් කෙනෙක් බව සාදාරනව ඔප්පු කරමින් ඉන්නෙ.. මෙයාට ආයෙමත් චන්දෙ දෙන ඊට වඩා බූරුවො මෙහි සිටිත්ද? අත උස්සන්න ප්ලීස්...
ලුම්බිණි. හොට දාන්න එපා.බටහිර රටවලනම් කවදාවත් ළමයි අරගෙන පෙළපාලි යන්නේ නැහැ.ඒක නිසා රටක බොරු විදින්න එපා.මේ රටවල ජනතාව ළමයින්ගේ වටිනාකම දන්නවා .ඕවාට අනුබල දෙන්නේ කාලකන්නි අපත ජෙප්පෝ .මුන් එලොවටත් නැහැ මෙලොවටත් නැහැ
නන්දසේන එලෙව්වා වගේ රනිල් රාජපක්ෂවත් එලවන්න ඕන.අරගලයට ජයවේවා
නිදහස් රටක නිදහස කියන්නේ දරුවන්ට තියන නිදහස ගැන නේද?එහෙම නොවුනොත් මේ දරුදැරියන් අනාගතයේදී නිදහස ගැන නොදන්නා පුද්ගලයින් බවට පත්වෙනවා නේද ?