(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්යක්ෂ එරික් සෝල්හයිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත් කරනු ලැබ තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම කර තිබෙි.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින එරික් සෝල්හයිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී අද (12)සාකච්ඡා පැවැත්වීය.
ජනාධිපතිවරයා සමග පැවති හමුවෙන් අනතුරුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එරික් සෝල්හයිම් මහතා පවසන්නේ හරිත ආර්ථික ප්‍රතිසංවිධානය සහ ශ්‍රී ලංකාවේ දේශගුණික අභියෝග පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශිෂ්ට දැක්මක් තිබෙන බවත් ඔහුගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත්වීම ගැන ආඩම්බර වන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සෝල්හයිම්ට පඩිගෙවන්නේ රුපියල් වලින්ද? මේ අපිට තියෙන දැවෙන ප්‍රශ්නයක්ද? ළමයි පෙළපාලි අරන් ගියා කියලා නහින්න හදන අය සෝල්හයිම්ගේ අලුත් රස්සාව ගැන සතුටුයිද? මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නේ දේශගුණික විපර්යාසයද?
මළ කෝලං...!
ගොඩක් හොඳ මුලපිරීමක්...
ලංකාවේ ඉන්න අයටම පඩි ගෙවන්න බැරිව ඉන්න එකේ පිටරටින් උපදේශකවරයෙක්... මෙයානම් ළඟදීම කනවා හොඳ කෑමක්...
පඩිය කීයද? ඕකට ලංකාවේ සුදුස්සන් නැත්ද?
මේ SHARM WARN වගේ අය ළිං මැඩියෝ... කරුණාකරලා ඔතැනින් එළියට පැනලා ලෝකයේ සිද්ද වෙන දේවල් මොනවද කියලා සොයා බලන්න...!
එදා අර්ජුන මහේන්ද්‍රන්, මෙදා සෝල්හයිම්.
අපගේ අරමුදල් භාවිතා නොකරන්න!
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්යක්ෂ එරික් සෝල්හයිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත් කරනු ලැබ තිබේ. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මෙහෙය විමසදහා ගෝලීය ආයතන සහ රටවල සේවය කරනලද සහ ඉහල තනතුරු හොබවන ලද පුද්ගලයන් පත් කර තිබේ. ඒ අතර Mark Carney U.N. special climate envoy සහ එරික් සෝල්හයිම් ප්‍රධාන වේ. ලෝකයේ ධනවත් රටවල් විශාල වසයෙන් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහට මුදල් ලබාදේ. මෙම පත්වීම ලංකාවට වාසිදායක වනු ඇත.
මේවනවිට ලෝකය පුරා සිදුවෙමින් පවතින තාක්ෂණික දියුණුව පසුපස සිදුවන්නාවූ විශාල විනාශයක් තිබේ. එය පරිසර හානියට වඩා විශාල හානියකි නමුත් කිසිදු රටක් එපිලිබදව මෙතෙක් ප්‍රකාශයක් කර නොමැත. එම සමාජ විනාශය පිලිබදව ලංකාවට නායකත්වය ගැනීමට හැකියාවක් තිබේ. එහි පළමු (pilot project) වියාපෘතිය ලංකාවේ අරම්බකර අධ්‍යනය කිරීම සදහා ජාත්‍යන්තර හෝ UN සහයෝගය ලබාගැනීමට හැකියවක් තිබේ මුදල් ආධාර පවා ලබාගැනීමට හැකිවනු ඇත . එය නියත වශයෙන්ම සාර්ථක වනු ඇත. අති බහුතරයක් ශ්‍රී ලංකිකයන්ගේද සහයෝගය මෙයට ලැබෙනු ඇත. සාර්ථක වීමෙන් පසු ගෝලීය අවධානය ලංකාව වෙත ලබාගැනීමට පමණක් නොව ලංකවට විශාල ප්‍රසිද්දියක් ලැබෙනු ඇත. මෙම වැඩසටහනට UN මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීමටද හැකියාවක් පවතී.