(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිකරණ පද්ධතියේ ගැටලු විසඳීම සඳහා සජීවී ටිවිටර් සාකච්ඡා පැවැත්වීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
අධිකරණ අමාත්‍යවරයා සහභාගී වන පළමු සජීවී ට්විටර් සාකච්ඡාව හෙට (14 ) පෙරවරු 9.30 සිට 10.30 දක්වා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුම (@ParliamentLK) ඔස්සේ පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.
මහජන ගැටලු වලට පිළිතුරු සජීවීව ලබාදීම මෙහිදී සිදු කෙරේ.
මෙරට අධිකරණ පද්ධතිය තුළ සිදුවියයුතු ප්‍රතිසංස්කරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදාළ මහජන ගැටලු #LKaskMP ඔස්සේ මෙහිදී යොමු කළ හැකි වේ.
අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කෙරුණු විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග(සංශෝධන), නොතාරිස් (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් ලබන 19 වෙනිදා විවාද කර සම්මත කිරීමට නියමිත අතර ඒ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් මෙම සජීවී ට්විටර් සාකච්ඡා මාලාව සංවිධාන කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ගැටලු ලිහාගන්න පුලුවන් තොපි වගේ අපතයො ඉවරවෙලා යනව නම්