
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
මෙරට මන්දපෝෂණය පසුගිය වසරට සාපේක්ෂව සියයට දෙකකින් වැඩිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිගත්තේය.
ඇමැතිවරයා මෙසේ පිළිගත්තේ කොළඹදී අද (12) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙරටේ මන්දපෝෂණය තිබුණේ සියයට 12 ක මට්ටමක බවත් එම ප්‍රමාණය සියයට 2 කින් වැඩිවී ඇතැයි පිළිගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ තත්වය තමා පිළිගත්තේ අද ඊයේ නොවන බව පැවසූ රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදීත් මීට සුමානයකට පෙර එම තත්වය හෙළි කළ බව සඳහන් කළේය.
මන්ද පෝෂණ මට්ටම සියයට 10 දක්වා අඩු කිරීම අපේක්ෂාව බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රබලව හිටපු ඉලක්කම් වලින් ඉතාමත් හොඳින් හිටපු රටක් හෙයින් පෝෂණ තත්වය තවදුරටත් වැටීම වැලැක්වීමට ප්‍රමුඛත්වයදී කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
මිනිස්සුන්ගේ බඩගින්න දරුවන්ගේ මන්දපෝෂණය ගැබිනි මවුවරුන්ගේ පෝෂණ වේල මේ රටේ නිරෝගී පරම්පරාවක් බිහි කිරීමට යම් බාධාවක් වෙලා තියෙනවා නම් ඒ තත්ත්වය වැළැක්වීමට ඊට වඩා ප්‍රමුඛත්වයක් තමාට නැතැයිද රඹුක්වැල්ල මහතා පැවසීය
මන්දපෝෂණය සම්පූර්ණයෙන්ම අවසන් කරන්නේ යැයි පැවසීම සුරංගනා කතාවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ද පෝෂණය හැදිලා ඉන්නේ ළමයින්ටද? එතකොට ඒකට අර ළමයි ගැන වැළලෙන්න හදන බයියන් මොනවද කියන්නේ...?
රට බංකොළොත් වෙලා කියලත් පිළිගන්නවාද?
දුශිත දේසපාලුවෝ රටම හොරාකාලා බංකොලොත් කෙරුවා කියන එකත් පිළිගන්නවද?
මේ ගොල්ලෝ තවමත් මිනිස්සු රවට්ටන්න හදනවනේ. ගෙවල් වලට ගිහින් බලන්න දැන් මිනිස්සු කන බොන විදිය බලන්න. මන්දපෝෂණය නෙමෙයි මිනිස්සුන්ගේ පණ කෙන්ද රැකගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් ඡන්ද කාලෙට විතරක් යන්නේ බොරුවට.
ඔබතුමාගේ සංඛ්‍යාලේඛන වලින් බින්දුවක් ඕනෑකමින්ම හැලිලා.