(යොහාන් භාසුර)

අක්‍රමිකතා හේතුවෙන් සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා ඇති වැල්ලවාය ඉන්දීය ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) අයත් ඉන්ධන පිරවුම්හලකට වසර දෙකක තහනමක් පැනවීමට ඉඩ ඇතැයි බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අදාල ඉන්ධන පිරවුම්හල් කළමනාකාරිත්වය කණගාටුව පළ කිරීමේ සූදානමක් පවතින බවත් දැනගන්නට තිබේ.

ඉන්ධන සැපයීමේදී අඩුවෙන් සැපයීම ඇතුළු අක්‍රමිකතා රැසක් පිළිබඳව ලැබුණු පැමිණිලිවලට අනුව මහජන උපයෝගිතා කොමිසම, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව එක්ව කළ පරීක්ෂණයකින් පසුව පසුගිය 5 වැනිදා මුද්‍රා තැබීය.